‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්

Spread the love

වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අසභ්‍ය වීඩියෝ සහ පින්තූර පළ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පැවසුවා.

පොලිස් පරිගණක අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සහ අසභ්‍ය ප්‍රකාශන පනතේ අදාළ විධිවිධාන යටතේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව පොලිස් පරිගණක අපරාධ අංශය දැඩි පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් පැවසුවේ.

‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක් දැන් පවතිනවා. විශේෂයෙන් ඔවුන් පෙම් සබඳතාවක් පවත්වන විට පින්තූර සහ වීඩියෝ ලබාගෙන ඇති අතර එම සබඳතා බිඳ දැමීමෙන් පසු අදාළ සමාජ මාධ්‍ය වේදිකාවලට උඩුගත කරන බව අනාවරණය වී තිබෙනවා‘‘

පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටකෝට්ටේ, රාජගිරිය, මහනුවර, පිලියන්දල සහ ගම්පහ යන ප්‍රදේශවල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර වයස අවුරුදු 23 ත් 39 ත් අතර සිව් දෙනෙකු සිටිනවා. ඒ වගේම මුරපදය වෙනස් කිරීමෙන් නීතිවිරෝධී ලෙස පිවිසීමෙන් පසු පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක නිරුවත් රූප සහ වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‘‘

Related Posts