පොහොර අවුලේ හොරය එළියට !

Spread the love

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද (14) පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා.

රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය  මෙහිදි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කළා.

පොරාන්දු වු දින වකවානු වලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේනම් රාජ්‍ය පොහොර සමාගම් මඟින් ඒවා බෙදා හැරීමට පියවර ගැනීමට සිදුවන බවයි. අදාළ සමාගම්වලට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ,  ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පෙහොර මෙට්‍රික් ටොන් 600 නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදි අදාල නිළධාරින්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.

පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකාච්ජාවේදී පෞද්ගලික පොහාර සමාගම් දිනකට මෙට්‍රික් ටොන් 1000ක් නිකුත් කිරීමට පොරොන්දු වුවත් දින ගණනක් ගතවී ඇතත් එම පොහාර ප්‍රමාණය නිකුත් කර නැති බව අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා. පොහාර නොමැති බවට ජනතාව රට පුරා විවිධ ක්‍රියාමාර්ග ගනිද්දි ගබඩාවල මෙසේ රජයේ සනාධාර පොහොර තබාගෙන සිටින්නේ මන්දැයි අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සමාගම් නිළධාරින්ගෙන් ප්‍රශ්න කළා.

අදාළ තීරණ අනුව දින 03ක් ඇතුළත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙස සමාගම් නිළධාරින්ට අමාත්‍යවරුන් දන්වා සිටියා. එසේ නොමැති වුව හොත් පෞද්ගලික සමාගම් හරහා සිදුවෙන පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරණ ලෙසයි.  පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරින්ට හා ගොවිජන සේවා නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම් දුන්නේ.

ගබඩාවල ඇති පොහොර නිකුත් කිරීමට දින ගණන් ප්‍රමාද කරන්නේ කුමන කරුණක් නිසා දැයි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙහිදී ප්‍රශ්න කළා. ප්‍රවාහන හා කම්කරු ගැටලු පවතින බවයි අදාළ සමාගම් නිළධාරීන් මෙහිදී අමාත්‍යවරුන්ට කරුණු ඉදිරිපත් කළේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්කරුවන්ගේ ශ්‍රමදායකත්වයන් ලබා දීමට රජයට හැකි බවත් දිවයින පුරා  පොහොර බෙදා හැරීම විවිධ කරුණු කියමින් ප්‍රමාද කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරුන් අදාළ සමගම්වල නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කළා.

අදාළ පොහොර සමාගම්වල ගබඩාවන් හි පොහාර තොග විශාල වශයෙන් ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා.

AGC MEDIA NEWS (2)
AGC MEDIA NEWS (3)
AGC MEDIA NEWS (4)
AGC MEDIA NEWS (5)
AGC MEDIA NEWS (6)
AGC MEDIA NEWS (7)
AGC MEDIA NEWS (8)
AGC MEDIA NEWS (9)
AGC MEDIA NEWS (11)
AGC MEDIA NEWS (10)
AGC MEDIA NEWS (13)
AGC MEDIA NEWS (12)
AGC MEDIA NEWS (14)
AGC MEDIA NEWS (15)
AGC MEDIA NEWS (16)
AGC MEDIA NEWS (17)
AGC MEDIA NEWS (18)
AGC MEDIA NEWS (19)
AGC MEDIA NEWS (20)
AGC MEDIA NEWS (21)
AGC MEDIA NEWS (22)

Related Posts