ආරක්ෂක මණ්ඩලය වහාම ප්‍රතිසංස්කරණය කරනු – ඉන්දියාව
ලෝකය අද වේගවත් ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක අභියෝග සමඟ පොරබදමින් සිටින බව ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු පැවසීය. ඉන්දීය උප ජනාධිපති එම්. වෙන්කයියා නායිදු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානවල ප්‍රතිසංස්කරණ සිදුකරන මෙන් ඉල්ලා සිටියේය. ඒවා වර්තමාන සමකාලීන යථාර්ථයන් පිළිබිඹු වන පරිදි සහ සමකාලීන අභියෝග සමඟ කටයුතු කිරීමට තරම් හැකියාව ඇති කරවන ලෙසයි. නවදිල්ලියේ සිට 13 වැනි …
Continue Reading
චීනය කොන් කිරීමට ජනපති ජෝ බයිඩන්ගෙන් වැඩපිළිවෙළක්
එක්සත් ජනපදය සහ චීනය අතර ආතතිය වැඩි කිරීමට ඉඩ ඇති අතර ආරාධිතයින්ගේ ලැයිස්තුවට තායිවානය ඇතුළත් වේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 9-10 දිනවල අතථ්‍ය ආකෘතියකින් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවක් සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉල්ලීමට අනුව සම්බන්ධ වනු ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉන්දියාව ඇතුළු රටවල් 110 කට අතථ්‍ය සමුළුවට ආරාධනා කර ඇත. අඟහරුවාදා එක්සත් ජනපද රාජ්‍ය …
Continue Reading
‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි
ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි. රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය මාස කීපය තුළ දී වර්ධනය වී තිබුණි. මෙම තහනම සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි ඒකක සඳහා බලපැවැත්වෙනු ඇති නමුත්, ඒවාට පාදක වූ තාක්‍ෂණය සහ එහි භාවිතයන් ප්‍රවර්ධනයට අවසර ලැබෙන ඇතැම් ව්‍යතිරේකයන් ද …
Continue Reading
අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව Covid-19 ප්‍රභේදයක්
මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි “අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම” ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය “ඉතාම වෙනස්යැ”යි ද ඔහු සඳහන් කළේ ය. අපි නැවතත් හුරුපුරුදු අත්දැකීමක් ලබන තැනකට පැමිණ සිටිමු. මන්ද, නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ සිත් කලබල කරන පුවතක් නැවත මතුව ඇති හෙයිනි. …
Continue Reading
ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?
ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ යි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මේ සමගම “ගෑස් භීතිකාවක්” සමාජ මාධ්‍යයන් තුළ හිස ඔසවනු දක්නට ලැබුණි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් …
Continue Reading
ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වෙයි
බොහෝ මන්ත්‍රීවරු බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී මැග්ඩලීනා ඇන්ඩර්සන් (දකුණේ) ට තම ආසන වලින් නැගිට ආචාර කළහ ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබේ. මැග්ඩලීනා ඇන්ඩර්සන් එරට නායිකාව ලෙස බදාදා ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඇගේ සභාග රජයේ හවුල්කාර පක්ෂය රජයෙන් ඉවත් වීම නිසා ඇය තම ප්‍රථම අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉල්ලා අස්විය. ඇය ඉදිරිපත් කළ …
Continue Reading
පොහොර සහනාධාරය අහෝසියි – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට
හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර …
Continue Reading
අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ
මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් දැඩි තීන්දු අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. සෞඛ්‍ය …
Continue Reading
ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සේවය කොට වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට ඇළහැර බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ වීද්‍යාගාරයක් හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් වාර්තා විය. බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය දැඩි දුෂ්කරතා ඇති ග්‍රාමීය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලකි. ඒ අනුව මීට දශක ගණනාවක්ට ඉහතදී මෙම විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු ලෙස ටික කලක් …
Continue Reading
අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි
-
Editor
-
November 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම Lanka QR උපයෝගී කරගනිමින් ඩිජිටල්කරණය කිරීම උදෙසා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය. නුතන තාක්ෂනය භාවිතා …
Continue Reading