ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්

Spread the love

ගම්පහ  රත්නාවලී බාලිකා  විදුහලේ සේවය කොට  වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට  ඇළහැර බකමූණ  සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ  වීද්‍යාගාරයක්  හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් වාර්තා විය.

බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය දැඩි දුෂ්කරතා  ඇති ග්‍රාමීය  දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලකි. ඒ අනුව මීට දශක ගණනාවක්ට ඉහතදී  මෙම විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු ලෙස ටික කලක් සේවයට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පදිංචි විද්‍යා ආචාර්ය තිලක්  ගමගේ මහතා මෙම දරුවන්ගේ  වීද්‍යා දැනුම් පිළිබඳව දැඩි  කනස්සල්ලෙන් සිටිමින් නැවත ස්ථාන මාරු ලබා පිටව ගොස් තිබිණි.

මීට දශක ගණනාවක්ට ඉහතදී ගමේ දරුවන්ට තමන්ගේ වියදමින් අංගසම්පූර්ණ  වීද්‍යාගාරයක් ලබාදීම් සිහිනයක් කරගෙන එම විදුහලෙන් සමුගත්  ඒ මහතා ගම්පහ   රත්නාවලී  වීද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරගෙන යන තම ආදරණීය බිරිඳ සෝමලතා ගමගේ  මහත්මියගේ අවධානය මේ පිළිබඳව යොමුකොට ඇත.

පසුව මෙම දෙදෙනා  වීශ්‍රාම යෑමෙන් අනතුරුව දෙන්නාටම ලැබුණු  මුදල වියදම් කරමින් රත්නාවලී පාසලේ අධ්‍යාපනයය ලැබූ ආදි සිසුවියන්ගේ   සහයෝගය ලබාගෙන  පොලොන්නරුව ඇළහැර බකමූණ සියඹලාව කනිෂ්ඨ  විද්‍යාලයේ සිසු දරු දැරියන්ට කොළඹ අනෙකුත් පාසල් වල මෙන්ම අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ඉදිකිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ  සහයෝගය ඇතිව මැදිරිගිරිය  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිව  අංගසම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකළ බවත්  තිලක් ගමගේ මහතා දැඩි සතුටෙන් ප්‍රකාශ කළේය.

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ආදි සිසුවියන් පෙරටුකරගත් කණ්ඩායම මෙම  වීද්‍යාලයටපැමිණ උත්සවාකාරයෙන් විද්‍යාලයට අංගසම්පූර්ණ විද්‍යාගාරය විද්‍යාගාරයට  අවැසි සියලු උපකරණ මෙන්ම දුවා දරුවන්ට තෑගිබෝග පරිත්‍යාග කිරීම මෙම  ගුරු දෙපල අතින් සිදු කෙරිණි.

ඡායාරූප සහ සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts