සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්
-
Editor
-
February 10, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද (10) නිකුත් කළේය. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස …
Continue Reading
ඉන්දීය අටල් උමං මාර්ගය දිගම අධිවේගී මාර්ග උමඟ ලෙස ලෝක වාර්තා පොතට
හිමාචල් ප්‍රදේශ් හි අටල් උමග ඉදිකිරීම තාක්ෂණික සහ ඉංජිනේරු කුසලතා පරීක්ෂා කිරීමකි අඩි 10,000 ට වැඩි ලොව දිගම උමං මාර්ගය ලෙස අටල් උමග ලෝක වාර්තා පොත විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. හිමාචල් ප්‍රදේශ්හි ලාහවුල්-ස්පිටි මිටියාවතට මනාලි සම්බන්ධ කිරීම සඳහා මායිම් මාර්ග සංවිධානය විසින් කිලෝමීටර් 9.02 ක් දිග අටල් උමග ඉදිකර ඇත. එය 2020 ඔක්තෝබර් 3 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි …
Continue Reading
පකිස්තාන් බායිලා රටටම කුණු අල කවන හැටි
පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරිණි. එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් …
Continue Reading
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට සමහරු කටයුතු කරනවා
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන …
Continue Reading
‘මහ බැංකු අධිපති කතා කරන්නේ පොහොට්ටුවේ සභාපති වගේ‘
රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අපිට ඩොලර් …
Continue Reading
නීතිපති දෙපාර්තමේන්තුව ගැන ‘මධුර විතානගේ කළ‘ හෙළිදරව්ව
නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින ඇතැම් නිලධාරීන් රහසිගත තොරතුරු පිටස්තර පුද්ගලයින්ට ලබාදීමේ සහ අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ නිරතව සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. “යම් නිලධාරියෙක් විදේශීය පාර්ශ්වයකට රහසිගත තොරතුරු ලබා දුන් සිද්ධියක් තිබෙනවා,” මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටළුවක් වී ඇති බව ද ඔහු චෝදනා කළේ. “සමහර …
Continue Reading
තලේබාන් සංවිධානයට සහය දීම නිසා පකිස්තානය වරදක් කරනවාද ?
පකිස්තානයේ ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ් පසුගියදා කාබුල් වෙත ගිය අතර අසල්වැසි රටවල් ඉලක්ක කර ගැනීම සඳහා එහි භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට තලේබාන් නායකත්වයෙන් සහතික විය. එය පාකිස්තානයෙන් ද එවැනිම සහන ඉල්ලා සිටියේය. තලේබාන් සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමට සහ පීඩනය යටතේ තබා ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය (ISKP) සටන්කාමීන්ට පාකිස්තානය සහාය දෙන බව දන්නා කරුණකි. තවද, පකිස්තානය තුළ විශ්වාසය වූයේ …
Continue Reading
EPF අරමුදලෙන් 25 %ක බදු අය කිරීමට විපක්ෂය විරුද්ධයි
සේවක අර්ථසාධක අරමුදලේ ආදායමට 25% ක අධිභාර බදු ගහන්න මේ රජය පෙර නොවූ විරූ අයුරින් කටයුතු කරමින් තිබෙනවා. අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමක් මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසීදා සිදු වී නොමැත. ඊ.පී.එෆ් අරමුදලෙන් 25 % ක බදු අය කිරීමට විපක්ෂය විරුද්ධ සම්පූර්ණ විරුද්ධ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අද (09) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය. මෙහිදී වැඩි දුරටත් කතා කළ වික්‍රමරත්න මහතා ; ලක්ෂ 18 ක් පමණ සේවකයන් තම විශ්‍රාමයෙන් පසුව පවුලේ අවශ්‍යතාවයක් සහ බොහෝ දුරට ආයෝජනය කරන්නේ ඔවුන්ට ලැබෙන මේ විශ්‍රාම පාරිතෝෂිත මුදලයි. මෙම මුදල් බැංකු ගිණුමක තැන්පත් කර එකී පොලියෙන් සේවකයන් විශ්‍රාම ජීවිතය ගත කරන්න මෙම මුදල ප්‍රයෝජනවත් වෙනවා. යහපාලන රජය මේ ගැන හිතලා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිණුමේ …
Continue Reading
‘කාබනික වී වගාවේ‘ සාර්ථක කතාවක් !
කාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ යටවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය. නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි සිසිර දිසානායක මහතා සහ ලලිතා පද්මිණී යන යුවල ඉතා සාර්ථකව කාබනික වී වගාවක් සිදු කොට ඇති බව ප්‍රදේශයේ බොහෝ දෙනා කතාබහකට ලක්ව තිබිණි. ඒ අනුව මෙම යුවළ සොයා අප මහවෙල නිකගොල්ල ගම්ට ගොස් …
Continue Reading
බිලියන 70ක් උපයා ගන්න EPF සහ ETF ලාභ මත 25% බද්දක ගහයි
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රජය EPF සහ ETF ලාභ මත 25% ක බද්දක් පනවා ඇති බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මේ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් රුපියල් බිලියන 70ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය. ඊට අදාළ ගැසට් නිවේදනය ද රජය විසින් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව රුපියල් බිලියන දෙකක් …
Continue Reading