‘කාබනික වී වගාවේ‘ සාර්ථක කතාවක් !

Spread the love

කාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ  යටවත්ත  ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය.

නිකගොල්ල ප්‍රදේශයේ  පදිංචි සිසිර දිසානායක මහතා සහ ලලිතා පද්මිණී යන යුවල ඉතා   සාර්ථකව කාබනික වී  වගාවක් සිදු කොට ඇති බව ප්‍රදේශයේ බොහෝ දෙනා කතාබහකට ලක්ව තිබිණි.

ඒ අනුව මෙම යුවළ සොයා අප මහවෙල නිකගොල්ල ගම්ට ගොස් මෙම යුවළගේ කාබනික වී වගාව පිළිබඳව සොයා බැලුවෙමු.

මේ වන විට කිරිවදින ගොයම ඉතාම අලංකාරව පැවතීම නිසා මෙම තමා සහ බිරිඳ උදේ හවස ඒ දෙස බලමින් සිටින බව ද බොහෝ ජනතාව තම වී වගාවේ  සාර්ථකත්වය දැක බලා ගැනීමට පැමිණෙමින් සිටින බවද සිසිර දිසානායක මහතා පැවසුවේය.

මෙම කුඹුරේ සම්බා  වර්ගයේ වී  සිටුවා තිබෙන බවත් මේ සඳහා කාබනික පොහොරට  අමතරව පසුගිය කන්නයේ කුඹුරුවලින් කපා ඉවත් කරන පිදුරු යොදාගෙන මේ තත්ත්වය පත් කරගත් බවත් දිසානායක මහතා පැවසුවේ.

‘රසායනික පොහොරක් ලෙස රජයෙන් ලබාදෙන රතු කුඩු කිලෝ තුනක පමණ වගාවට එක් කළා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි තනාගත් කාබනික පොහොර සහ  රජයෙන් ලබාදුන් දියර පොහොර ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් වගාවට යොදා ගත්තා‘ දිසානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.

කිරිවදින ගොයම මේ වන විට සිසිර මහතාගේ ඉනට  වඩා ඉහළින් පවතී. සුළං පොද  සමඟ ඉතා අලංකාරව කුඹුරු යායක සිරිය ගෙන එනු ලබයි.

ඔහුගේ සහයෝගය සඳහා සෙවනැල්ල මෙන් සිටින ලලිතා පද්මිණී මහත්මිය කියා සිටියේ තම සැමියා සමග එක්ව කාබනික පොහොර යොදා ගෙන මෙම වගාව සිදු කිරීම් සතුටක් බවය. තමන්ගේ දුවා දරුවන්ගේ සහ ඥාතීන්ගේ උදවු ඇතිව මෙහි ගොයම් පැළ සිටුවා ගැනීම සිදුකළ බවත් තමන් මෙය වගා කරන්නේ වී අලෙවි කිරීම්ට නොව දුවා දරුවන්ගේ ආහාරය පිණිස බවත් ඇය පැවසුවාය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts