පකිස්තාන් බායිලා රටටම කුණු අල කවන හැටි

Spread the love

පාකිස්ථානයේ සිට   ගෙන්වා තිබූ   මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව  දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරිණි.

එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් තොග  සුද්ද පවිත්‍ර කරමින් හොඳ අල වලට කලවම් කොට ඇසුරුම් කිරිම සිදු කරමින් සිටි බව නගරාධිපතිවරයාවරයා පැවසීය.

එමෙන්ම එම ගබඩාව තුළ දැඩි දුර්ගන්ධයක් සහ අර්තාපල් අල කුණු වී ඕජස් ගලමින් තිබීම විශේෂත්වයකි. අර්තාපල් පාකිස්තථානයේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩ හිමිකරුවන්ට ලබා දී ඇතැයි සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පකිස්ථානයේ සිට ලංකාවට පැමිණ සිටින ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ඉතා සූක්ෂම ලෙස මෙම ව්‍යාපාරය සිදු කරගෙන යන බවත් දිනකට කන්ටේනර් රථ 35-40ක් පමණ අර්තාපල් අල සහ ලොකු ළූණු ගෙන් වා මහා මාර්ග දෙපස තබාගෙන රජයට කිසිදු බදු මුදලක්  හෝ  නොගෙවා අලෙවි කිරීමේ කටයුතු සිදු වන බවත් ඕපාත මහතා කීවේය.

‘මෙම කන්ටේනර් ඇතුළත මත්ද්‍රව්‍ය හා මෙරටට ගෙන්වීමට තහනම් වෙනත් දේ  ද තිබිය හැකියි‘ නගරාධිපති  ජාලිය ඕපාත මහතා කීවේය.

තමන් නගර සභාවක් හැටියට මේ පිළිබඳව වරාය අධිකාරියට සහ වගකීම් සෑම අංශයකට ලිඛිතවම දැනුම් දුන්නද මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම අර්තාපල් අල සහ ලොකු ලූණු දඹුල්ල රට මැදට ගෙනවිත් නැවත රට පුරා අලෙවිය සිදු වෙන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

මෙම අල  ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයාගෙන් කිලෝවක්  ගෙන්වීමට යන මුදල විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල්   120ක මුදලක් එක කිලෝවක් සඳහා වියදම් වන බව ය

එහෙත් අර්තාපල් අල කිලෝ එකක්  තමා වෙළඳසැලේ රුපියල් සියයකට අලෙවි කරන බව ද ඔහු සඳහන් කළේ ය. එසේ   පාඩු විඳගෙන විකුනන්නෙ කෙසේදැයි නගරාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඊට  නිසි පිළිතුරුක් ඔහුගෙන්   නොලැබිණි.

දෙවන ගබඩාව විවෘත කොට බැලීමේදී එහිද කිලෝ 20,000ක පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු කුණු වෙමින් තිබූ අර්තාපල් අල තොගය දැක ගැනීමට හැකි විය.

ඒවා  පෙර දිනයේ පකිස්ථානයෙන් ගෙන් වූ අර්තාපල් අල බව එහි හිමිකරු පැවසීය.   ගබඩාව දෙකම මුද්‍රා තබා නීතිමය පියවර ගන්නා ලෙස නගරාධිපති ජාලිය ඕපාත මහතා නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය‍.

එම ගබඩාව තුළ අර්තාපල් අල සහ සිමෙන්ති තොග එකට ගබඩා කර තිබීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක්  මතුව ඇතැයි නගරාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කුණු වී ගිය නරක් වී ගිය අල සහ ලොකු ළූණු වල සිමෙන්ති තැවරීමෙන් ඒවා  වෙළඳපලේ සූක්ෂම ලෙස අලෙවි කිරීමේ හැකියාවක් ක්‍රියාත්මක වනවාදැයි සැක පවතින බව ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts