මෝල් හිමියෙකුගේ එක කන්නයක ලාබය රුපියල් බිලියන 50යි

මෙරට මහා පරිමාණ වී මෝල් හිමියකුගේ එක කන්නයක ලාභය රුපියල් බිලියන සීයක් බවක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඒ අනුව අවුරුද්දේ කන්න දෙකේදී ඔහුගේ ලාභය රුපියල් බිලියන සීයක් බව ද හෙතෙම පැවසීය. නමුත් ආදායම් බදු ලෙස ඔහු ගෙවන්නේ රුපියල් ලක්ෂ නමයක පමණ මුදලක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මෙරට මහා පරිමාණ මෝල් හිමියන් හතරදෙනෙකු මේ ආකාරයෙන් මුදල් උපයන …

Continue Reading

වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව්

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ප්‍රසිද්ද මාද්‍ය වෙත පවසා ඇත. වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් …

Continue Reading

මහජන විමසීම් වලට සතියක් තුළ පිළිතුරු ලබාදිය යුතුයි

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් සංගත තත්ත්වය සහ ඉන්පසු ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති …

Continue Reading

දැවිතෙල් මදි.. විදුලිය උත්පාදනය අර්බුදයක

ප්‍රමාණවත් පරිදි දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටළු මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. දැවි තෙල් ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම සීමා කර ඇති බවද මණ්ඩලය පැවසීය. මෙම තත්ත්වය මත පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. කෙසේ නමුත් සපුගස්කන්ද පිරිපහදුව යළි ක්‍රියාත්මක කරන වන බැවින් …

Continue Reading

කොහොම හරි ඉවසගෙන හිටියොත් අවුරුදු එකහමාරකින් ඉන්ධන, විදුලි, ගෑස් අර්බුද විසදන්න පුළුවන්…

සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. මම වෘත්තීය …

Continue Reading

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය. මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නැවතත් ජාතික විදුලි පද්ධතියට එකතු වූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

Continue Reading

ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්

ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය මෙම සමුළුව සංවිධානය කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.අනෙක් සෑම සාකච්ඡාවකදී මෙන් මෙම සාකච්ඡාව පිළිබඳවද අවිනිශ්චිතතාවයන් තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ …

Continue Reading

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ …

Continue Reading

ඩීසල් හිඟ වීම නිසා අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි

අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම ‍හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි ජාතික පද්ධතියට

අක්‍රියව පැවැති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳුදා දිනය වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කළේ. පසුගිය 15 වනදා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක්වූ …

Continue Reading