මෙරට ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කෙරේ

ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වනවා. එසේම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර 39% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබෙන අතර මෙරට ජනගහනයෙන් 37% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවද …

Continue Reading

වේලාවන් වෙන් කරගත් අයට සඳුදාත් පාස්පෝට් නිකුත් කරනවා

සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading

ඖෂධ හිඟයට හේතුව ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

වත්මන් ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශයේ ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාත් කොළඹගේ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවයි. ඒ හේතුවෙන් සමහර ඖෂධ වර්ගවල එක ලිපිගොනුවක් එක් ආයතනයක සිට තවත් ආයතනයක යාමට මාස ගණනාවක් ගතවන …

Continue Reading

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් …

Continue Reading

ආර්.එම්.වී. විද්‍යුත් කාඩ්පත් හඳුන්වා දෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.)ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියලුම සේවාවලදී ජනතාවට ඉදිරියේදී  විද්‍යුත් කාඩ්පත් යොදාගත හැකි බවත්  බොහෝ ගනුදෙනුවලදී කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් තිබීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කළ බවත් ඇය …

Continue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍යයි – ජනපති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම පසුගිය (03) වනදා ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති …

Continue Reading

2022 වසරේ ශිෂ්‍යත්වයට හා උසස් පෙළට දින නියම කෙරේ

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන සඳහන් කළේ. එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වී 2023 ජනවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් …

Continue Reading

කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන්

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය. මුලතිව් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පුදුකුඩිරිප්පු පොලිසිය හා එක්ව අධිකරණ නියෝග මත සිදුකළ කැණීම් වලදී මෙම ඉන්ධන ටැංකිය සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය. දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය …

Continue Reading

මෝල් හිමියෙකුගේ එක කන්නයක ලාබය රුපියල් බිලියන 50යි

මෙරට මහා පරිමාණ වී මෝල් හිමියකුගේ එක කන්නයක ලාභය රුපියල් බිලියන සීයක් බවක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඒ අනුව අවුරුද්දේ කන්න දෙකේදී ඔහුගේ ලාභය රුපියල් බිලියන සීයක් බව ද හෙතෙම පැවසීය. නමුත් ආදායම් බදු ලෙස ඔහු ගෙවන්නේ රුපියල් ලක්ෂ නමයක පමණ මුදලක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මෙරට මහා පරිමාණ මෝල් හිමියන් හතරදෙනෙකු මේ ආකාරයෙන් මුදල් උපයන …

Continue Reading

වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව්

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ප්‍රසිද්ද මාද්‍ය වෙත පවසා ඇත. වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් …

Continue Reading