බොහෝ දේශපාලනඥයින් පිරිහුණේ භාර්යාවන් නිසයි – අගමැති මහින්ද

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩීමේ උත්සවයේදී පැවසීය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්.ජයවර්ධන යුගයේ නොපළ කතා”කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කතාවක් ” යන කෘතීන් එළිදැක්වීම මෙහිදී …

Continue Reading

20වන සංශෝධනය මඟින් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ මූලික පදනම උල්ලංඝනය කරලා – නීතිඥ ශිරාල් අධිකරණය ඉදිරියේ කරුණු දක්වයි

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති අතර ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද(30) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ පෙත්සමට අදාළව …

Continue Reading

කොවිඩ් – 19 අභියෝග හමුවේ පාසල් අරඹන්නැයි දරුවන් කළ ඉල්ලීම අපි ඉටු කළා – අගමැති

කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය. කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්  අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා …

Continue Reading

20න් කිසිම ගැටලුවක් ඇති වෙන්න නෑ – අගමැතිගෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ට සහතිකයක්

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේදී පැවසීය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය. මාධ්‍යවේදියා – විසිවැනි …

Continue Reading

Full Story: මහින්ද – මෝදි ද්විපාර්ශ්වික සමුළුවේ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ (26) දින විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළු අවසානයේ දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය. මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත 1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද දින අතථ්‍ය සමුළුවක් පැවැත්වූ අතර, එහි දී …

Continue Reading

20 සංශෝධනයට එරෙහි පෙත්සම් ගැන සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

රජය විසින් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා. පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය  බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සිසිර ද ආබෲ . මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින …

Continue Reading

20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් – මුළු ගණන 12ට නගී

අධිකරණ ඇමැතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වී තිබෙනවා. අද දිනයේ ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් …

Continue Reading

20ට ජනමත විචාරණයක් ඉල්ලන පෙත්සම් ගණන 07 දක්වා ඉහළට

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර …

Continue Reading

20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අද (22) දින රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. යෝජිත 20 වන …

Continue Reading

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අධිකරණ ඇමැතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂය විසින් ඊට දැඩි විරෝධයක් පළ කළේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටිනු දක්නට ලැබිණි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කළහ. …

Continue Reading