අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා කියන්නේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නෙවේ නම්, වහාම ඒක නිවැරදි කරන ලෙස තම සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි. කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය. ‘‘වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි …

Continue Reading

Data Culture එකක් සෑදීම අපි ශ්‍රී ලංකා රේගුවෙන් ආරම්භ කරනවා

ලෝක රේගු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ “දත්ත සංස්කෘතික පරිසරයක ඩිජිටල්ගත රේගු ක්‍රමවේදයක් තුළින් නව ප්‍රගමනයකට” යන මෙවර තේමාව රැගත් ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් පසුගිය (26) වනදා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. ජාත්‍යන්තර රේගු ප්‍රමිතීන්ට නිසි පිළිගැනීම ලබාදෙමින් නීත්‍යානුකූල වෙළඳාම උදෙසා පහසුකම් සපයන්නෙකු ලෙසත් ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් ආදායම ජනනය කරන්නෙකු …

Continue Reading

සහල් කිලෝව රුපියල් 200ට යාම නවත්වන්න බෑ – ඉරාන් වික්‍රමරත්න

රසායනික පොහොර වානිජ කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමේ වැරදි ප්‍රතිපත්ති නිසා රජය මුලා වී ඇතැයි පැවසු සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අගය එකතු කළ කෘෂිකර්මාන්තයක් වානිජ මට්ටමින් නගා සිටුවීමට සමගි ජනබල වේගය දැනටමත් සැලසුම් කර ඇතැයි ප්‍රකාශ කළේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකාච්ඡාව ඇමතු ඒ මහතා මෙසේ ද කීය. රජය ආර්ථිකය හසුරුවාලීමේදී අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා මුළු රටම දැන් පෙර නොදුටු අර්බුදවලට මුහුණ දී ජනතාව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. තමන්ට බලයට එන්න උදව් කළ ව්‍යාපාරිකයන් බේරාගැනීමට බදු සහන දීම නිසා මුලින් රාජ්‍ය ආදායම තුනෙන් එකකින් කඩා වැටුණි. ගජ මිතුරන්ගේ සමාගම් වලට වෙළඳ ඒකාධිකාරය …

Continue Reading

ආණ්ඩුව සහ ඇමතිවරු ඉන්නේ තමන්ගේ ප්‍රශ්නය ජනතාවට කියන්න නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න

“ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය ජනතාවට කියන එකයි. ගම්මන්පිල ඇමතිවරයා කියන්නේ “පයින් ගියොත් ලයිට් තියෙනවා. වාහනයක ගියොත් කළුවරේ ඉන්න වෙනවා” කියලයි. ගම්මන්පිල ඇමති, ගාමිණී ලොකුගේ ඇමති වගේම විදුලි බල මණ්ඩලය එක එක කතා කියනවා. ඇමතිවරු අවශ්‍ය වෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරලා අර්බුද විසඳන්නයි. මහජන මුදල්වලින් ඇමති ධුර නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්නය කියන්න නොවෙයි. සාමූහිකව තීන්දු අරගෙන …

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට කොවිඩ්

කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට කොවිඩ් 19 ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබේ. ජයන්ත වීරසේකර සහ අමරකීර්ති අතුකෝරල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී කවිරත්න සහ දිලුම් අමුණුගම ද කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇත.

Continue Reading

‘රජය ජාතිවාදය පිළිකුල් කරන බව කීම විහිළුවක්‘

2019 වසරේ දී බලය ගැනීම සඳහා ඉතාම අන්තවාදී, අගතිගාමී මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ මෙම රජය ජාතිවාදය පිළිකුල් කරන බව පවසමින් ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහන් කිරීම හාස්‍යයට කරුණක් යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. ජනාධිපති වරයාගේ පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිබඳව පැවති විවාදය ඇමතූ ඉරාන් වික්‍රමරත්න මහතා එසේ පැවසීය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය, …

Continue Reading

ලබාගත් ණයවල තරමට ආණ්ඩුව වැඩක් කරලා නෑ – ඉරාන් වික්‍රමරත්න

රජය දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම්කර නොමැති බව ප්‍රකාශ කළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඒ නිසාම ජනතාව හාමතේ දමා පීඩනයට හසු කර විදේශීය ගජ මිතුරන්ගේ ණය ගෙවීමට ප්‍රමූඛතාවය දෙන්නේ යැයි රජයට චෝදනා කළේය. ඩොලර් සහ විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් අතේ මුදල් පැවැතියද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදීගත නොහැකි ජනතාවට …

Continue Reading

තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  අද (19) පත් කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ  කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු,  ඩග්ලස් දේවානන්ද, ඩලස් …

Continue Reading

ඉතිහාසයේ මුහුණ දුන් සියලු අභියෝග නිසි නායකත්වයක් යටතේ ජයගෙන තිබෙනවා

රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ …

Continue Reading

‘වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය’ ඇමති සුදර්ශිනීට

ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී …

Continue Reading