පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්?
-
RSL
-
July 27, 2022
-
දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.
Continue Reading
සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට ක්‍රියා කළ යුතුයි – අනුර කුමාර
-
RSL
-
July 25, 2022
-
දේශපාලන
-
0 Comments
පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළා. එදින රනිල් …
Continue Reading
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට
-
RSL
-
July 22, 2022
-
දේශපාලන
-
0 Comments
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරෙයි.කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.
Continue Reading
ගෝඨා ගෝ ගම ඉවත් කිරීම සම්බන්ධයෙන් සජිත් දැඩි කනස්සල්ලෙන්
-
RSL
-
July 22, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම හමුදාව මගින් එලව දැමීම සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී …
Continue Reading
දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි
-
RSL
-
July 22, 2022
-
දේශපාලන
-
0 Comments
නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි.
Continue Reading
ධම්මික පෙරේරා ඉල්ලා අස්වේ
-
RSL
-
July 21, 2022
-
දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා එම මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කරන ලද අතර අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද පත් කරන ලදී. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීමෙන් පසු ධම්මික පෙරේරා මහතා ඇමති ධුරයෙන් …
Continue Reading
සමන් ඒකනායක නව ජනාධිපති ලේකම්
-
RSL
-
July 21, 2022
-
දේශපාලන
-
0 Comments
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන ලදී. මෙම පත්කිරීම සමගින් ගාමිණි සෙරනත් මහතා විසින් දරන ලද ජනාධිපති ලේකම් ධුරය අහෝසි වී යයි.
Continue Reading
සජිත්ගේ විපක්ෂ නායකකම අනතුරේ
-
RSL
-
July 21, 2022
-
දේශපාලන
-
0 Comments
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය. නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුනතරින් කිහිප දෙනෙකුට …
Continue Reading
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දියුරුම් දෙයි
-
RSL
-
July 21, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය. හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි. ඊයේ පැවතී පාර්ලිමේන්තු ඡන්දයෙන් 8 වන විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම දිවුරුම් දීමට අවස්ථාව …
Continue Reading
මෙරට 8 වන විධායක ජනාධිපතිවයා ලෙස රනිල් පත්වේ
-
RSL
-
July 20, 2022
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද බදාදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය. ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වූ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් විය.මෙම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි. බහුතර ජන්ද 134 ක් ලබා ගනිමින් රනිල් …
Continue Reading