රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙරවරු 09.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 12.30ට පැවැත්වීමටද නියමිතයි.

Continue Reading

මැතිවරණ කල් දැමීමේ උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරන උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ, අවශ්‍ය මොහොතේදී ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් බවයි. ජනතාව තුළ ආණ්ඩුවට ඇති අකමැත්ත මැතිවරණයට ගියහොත් ඔප්පු වන බැවින් එය නැවැත්වීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය …

Continue Reading

අද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විරෝධතාවක

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිත යි. මෙම විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Continue Reading

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබූ අතර එම …

Continue Reading

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි සංශෝධනය කෙරේ

අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන සහ රොබෝ තාක්ෂණය …

Continue Reading

ජූලි 9 වනදා පටන් රටම චිත්‍රපටියක්

විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව රට ඉදිරියට ගෙනයාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවයි Zoom ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. පළමුවෙන් සිදුකළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීම සඳහා ඒවා ප්‍රතිව්‍යුහගතකරණය බවද, ඒ තුළින් ව්‍යාපාර ගණනාවක් බංකො‍ළොත් තත්ත්වයෙන් ඉවත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙම …

Continue Reading

22 වන සංශෝධනය 21 ලෙස නම් කෙරේ

වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 22 වැනි සංශෝධනය නොව 21 වැනි සංශෝධනය ලෙස හැඳින්විය යුතු බවයි ඔහු සඳහන් කළේ. සමගි ජන බලවේගය විසින් මීට පෙර 21 වැනි සංශෝධනය ලෙස තවත් සංශෝධනයක් සභාගත කළ …

Continue Reading

මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය නිසා මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට පාසලකට යන්නත් බැහැ

මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අවංක මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට පාසලකට පවා යාමට නොහැකිවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. උදෑසන පත්තර වැඩසටහන්වල මාධ්‍යවේදීන් සිදුකරන යම් යම් ප්‍රකාශ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ දරුවන්ටද පාසල්වලදී විවිධ ප්‍රකාශ කරමින් අපහාස කරන තත්ත්වයක් ඇතිවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ යම් අර්බුදකාරී තත්ත්ව ඇති මන්ත්‍රීවරු සිටින බව පිළිගන්නා බවත් එසේම මාධ්‍යවේදීන් අතරද අරක්කු බෝතල් දෙකක් ලබාදී යම් …

Continue Reading

22 ට සහයෝගය නොදීමට පොහොට්ටුව තීරණය කරයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂයක් ලෙස සහයෝගය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ඇතැම් කරුණු හේතුවෙන් සහයෝගය ලබාදිය නොහැකි බවත්, 22 වන සංශෝධනය මුල් කරගනිමින් මන්ත්‍රීවරුන් අතර ගැටලුවක් ඇති …

Continue Reading

ඍජු බදු වැඩි නොකළොත් නැවත පෝලිම් යුගයකට

සෘජු බදු අයකිරීම් 20% කට වඩා ඉහළ දැමිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය 14.5% – 15% ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා රු.100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බවයි. එසේ …

Continue Reading