මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා …
Continue Reading
රටේ ඉදිරිය වෙනුවෙන් 2020න් විශ්‍රාම නොයන බවට ජනපතිගෙන් ජනතාවට සහතිකයක්
තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. …
Continue Reading
අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා – ජනාධිපති
රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලු අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්‌වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක් ලෙස ගතයුතු සියලු තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. අල්ලස සහ දූෂණය වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සහ කිසිවකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පෙරේදා (05 දා) …
Continue Reading
දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)
එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි. වසර පහක් …
Continue Reading
ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්ධනයක…වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්..
මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටි. ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුපකට නිලධාරින්ගේ …
Continue Reading
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීගේ පත්වීමට විරෝධය එල්ලවෙයි; ජෝසප් මයිකල් ඉවත්ව යයි
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත්කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී ඇත. එලෙස රවී කරුණානායක මහතා උප නායක ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ජෝසප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් නැගිට ඉවත්ව ගොස් ඇත. එසේම තවත් කිහිපදෙනෙකුද රවීගේ පත් …
Continue Reading
රනිල් සහ සජිත්ගේ තනතුරු හැර එජාපයේ සියලු තනතුරු වෙනස් වෙයි
-
RSL
-
April 26, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නියෝජ්‍ය නායක යන තනතුරු හැර අනෙකුත් සියලු තනතුරු වෙනස් කිරීමට එජාප ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂ මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මහා භාණ්‌ඩාගාරික ධූරයට, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය …
Continue Reading
කවුරු කොහොම දැගලුවත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අලුත් ගිවිසුමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේයැ’යි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. අමාත්‍ය වරයා මේ බව පැවසුවේ ඊයේ (22) …
Continue Reading
නිවට නොවී එජාපය තනි ආණ්ඩුවක් හදන්න හදයි
තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට වඩා රටට බලපෑමක් ඇති කරන බවත් පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ විපර්යාස නිසා එම පක්ෂය කොටස් 3ට කැඩී …
Continue Reading
සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී. ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි …
Continue Reading