‘ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහයට යුද හමුදාව කුඹුරට’

ඉදිරි  යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස   සහය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ  වගාබිමකටම   හමුදා  නිලධාරියකු බැගින් යොමු කරන  බව යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මෙරට කෘෂිකර්මාන්තය  ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත  තමා මෙම වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කරන බව පැවසූ යුද  හමුදාපතිවරයා  වැඩසටහන  ක්‍රියාත්මක කිරීම සඳහා  සියලු සැලසුම් සකසා අවසන් කර  ඇතැයිද  …

Continue Reading

‘කාබනික වී වගාවේ‘ සාර්ථක කතාවක් !

කාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ  යටවත්ත  ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය. නිකගොල්ල ප්‍රදේශයේ  පදිංචි සිසිර දිසානායක මහතා සහ ලලිතා පද්මිණී යන යුවල ඉතා   සාර්ථකව කාබනික වී  වගාවක් සිදු කොට ඇති බව ප්‍රදේශයේ බොහෝ දෙනා කතාබහකට ලක්ව තිබිණි. ඒ අනුව මෙම යුවළ සොයා අප මහවෙල නිකගොල්ල ගම්ට ගොස් …

Continue Reading

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයටම ලබා දෙන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

යළ කන්නයට අවශ්‍ය පොහොර  නියමිත කාලයේදීම ගොවි ජනතාවට  ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින්  දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක …

Continue Reading

නුවරඑළිය එළවළු මිල පහළට – ගොවීන්ගෙන් මැසිවිලි

නුවරඑළියේ වගා කරන එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය. ‘‘ මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර  ලික්ස් රුපියල් 160-170, ගෝවා රුපියල් 200 , කැරට් රුපියල් 400 , බිට්රුට් රුපියල් 300 …

Continue Reading

ගොවියගේ ජීවිතයත් එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ

ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් වුණේ නෑ වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු බවත් රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බව කී අමාත්‍යවරයා කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව ද කීවේය. …

Continue Reading

චීන කාබනික පොහොර සමාගම ‘ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි‘

කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ආරවුලක පැටලී සිටින Qingdao Seawin Biological Group Co., Ltd නම් චීන සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ. Qingdao Seawin Biological Group Co., Ltd, දේශීය නියෝජිතයෙකු හරහා Daily Mirror වෙත එවන ලද ඊමේල් පණිවුඩයකින් කියා සිටියේ, සමාගම සහ ශ්‍රී ලංකාව මතභේදයට තුඩු දී ඇති පොහොර සඳහා ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට …

Continue Reading

වී කිලෝවක් රු. 75කට මිලදී ගන්නවා – වගා හානිවලටත් වන්දි දෙනවා – කෘෂිකර්ම ඇමැති

පෞද්ගලික අංශය සමඟ වී අලෙවි මණ්ඩලය තරඟකාරී ලෙස වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද, ඒ අනූව අද (25) සිට වී අලෙවි මණ්ඩලය රුපියල් 75කට වී කිලෝවක් මිලදී ගන්නා බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. මෙලෙස රුපියල් 75 කට වී මිලදීගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් කිසිසේත් කලබල නොවිය යුතු බවත් සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. …

Continue Reading

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ඵලදායීතාව සෙයා බලන්න කුඹුරු පුරන් වීමට හේතු සොයා අස්වැද්දීමට පියවර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට තාක්ෂණික දැනුම ගොවිජන බැංකු ප්‍රචලිත කිරීම කෙරෙහි අවධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය. “ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් …

Continue Reading

ජාතික ගොවි සමුළුවෙන් රජයට යෝජනා 07ක්

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.  දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව  ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා …

Continue Reading

වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය. මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් …

Continue Reading