සද්ද විද්ද රන්ජන්ට නොතීසි

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ. පසුගිය අගෝස්තු …

Continue Reading

සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති තනතුරට දේශපාලන අතකොලුවක්‌ පත්කර සෞඛ්‍ය ඇමැතිවරයා මේ නැති කරන්නේ රටේ සෞඛ්‍ය බවත් හෙතෙම කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය …

Continue Reading

ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට

උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක්‌ කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක්‌ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදරු මවක වන මෙම ග්‍රාම …

Continue Reading

ශලිල මුණසිංහ ඇතුළු හොරු කල්ලිය ජාත්‍යන්තර බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) …

Continue Reading

බැඳුම්කර මගඩිය ගැන කබීර් සහ මලික්ගෙන් පුංචි සාක්ෂියක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍යවරුන් දෙදෙනාගේම සාක්‍ෂියට විනාඩි 10 ක්‌ වත් ගතනොවුණි. ඒ කෙටි කාල සීමාව තුළ ඔවුන් කළේ සභාපති විනිසුරු ඇසූ …

Continue Reading

හණ මිටි පරපුරේ දුම්රිය රියදුරන්ගේ හීනමානයට මගී ජනතාව බිලිවෙති

කිසිඳු දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් අවලංගුකර ඇත. මෙම වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථානයේ අසීරුතාවයට පත්ව ඇති මඟීන් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව ඇති අතර ආරක්ෂාව සඳහා වීශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බවට වාර්තාවේ. මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම්රිය රියදුරන් සමඟ ඉදිරිපස අසුනේ එකට ගමන් කරන …

Continue Reading

තායි බැංකුවක් කොල්ල කෑ ශලීල මුණසිංහ 25 තෙක් රිමාන්ඩ්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තායිවානයේ ෆාඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශලිල මුණසිංහ මහතා ඊයේ (10) දිනයේ දී බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

Continue Reading

බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ මලික් සහ කබීර් ඉල්ලා අස්වෙයි! (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්‍රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති …

Continue Reading

ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා උතුරු පළාත් …

Continue Reading

පහේ ශිෂ්‍යත්වය හපනියක් වූ දුලාංජලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති අතින් ත්‍යාග

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය. හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව …

Continue Reading