ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

Spread the love

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා උතුරු පළාත් තුළ තැනින් තැන පවතින වර්ෂාපතනය හේතුකොටගෙන ඉදිරි මාස කිහිපය තුලදී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිරයාමේ අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එබැවින් යම් අයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් පෙලෙන බව හඳුනා ගන්නා රෝගීන් වහාම රෝහල්ගත විය යුතු බවත් ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RSL

Related Posts