කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

2024 සැප්තැම්බර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය 2024 සැප්තැම්බර් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ …

Continue Reading

කමිඳු – ඩොන් බ්‍රැඩ්මන් සම වුණ ලෝක වාර්තාව

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් / Don Bradman හා සමවෙමිනි. කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති …

Continue Reading

ජපන් අග්‍රාමාත්‍යධුරයේ වෙනසක්

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින් ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කිරීමත් සමග ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමට නියමිතව තිබෙනවා. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව  ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා බව ජපන් මාධ්‍ය පවසයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය. …

Continue Reading

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ …

Continue Reading

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඔබට සුවිශේෂී තිළිණයක්..!

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා කරන පිරුවානා පොත් වහන්සේ, සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, බෝධි පූජා ආරක්ෂක සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, සිංහල අර්ථ සහිත …

Continue Reading

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තා පොත අලුතින් ලියයි

වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙම වාර්තාව තැබුවේය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි. අද …

Continue Reading

වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත් සුවිශේෂ තීන්දුව

අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙර පැවති ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව පෙර පැවති ක්‍රමය යටතේ සියලුම විදේශිකයන්ට වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “VFS Global විසින් ලබා දී ඇති වීසා පහසුකම …

Continue Reading

ජනාධිපතිට ලෝක බැංකුවේ සහාය

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ …

Continue Reading

ගොවීන්ට සහ ධීවරයින්ට ජනපති දුන් සහන මල්ල මෙන්න !

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වනු ඇත. මෙම සහනාධාරය ඔක්තෝබර් 01 …

Continue Reading

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනපතිට කළ විශේෂ හෙළිදරව්ව

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය. මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස …

Continue Reading