Google Chrome භාවිතා කරන්නන් සඳහා අධි-ආරක්ෂිත ඇඟවීම් නිකුත් කරයි

ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team – CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ් බ්‍රවුසරයේ සැලකිය යුතු දෝෂයක් උද්දීපනය කරයි. එය හැකර්වරුන්ට පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. අවදානම ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් පරිඝණක වෙත බලපාන අතර, විභව වංචා (potential fraud) සහ …

Continue Reading

උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව  -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය. අගෝස්තු මාසයේදී සියයට 0.8ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට -0.3 දක්වා අඩු වූ බව ද දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

ගාලු ජයග්‍රහණයෙන් පසු WTC ශ්‍රේණිගත කිරීම්වල ප්‍රධාන වෙනසක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය. ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ රැඳී සිටියද, ඔවුන් මේ වන විට ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 55.55% දක්වා වැඩිදියුණු කර ඇත. අනෙක් අතට, …

Continue Reading

ජනපති රනිල්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව මෙන්න

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවය. එසේම …

Continue Reading

ශ්‍රී ලංකන් ගැන NPP රජයේ ස්ථාවරය කියයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමේ මූලික සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) රජය විසින් අත්හැර දැමීමට නියමිත බව NPP ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත පවසයි. මහාචාර්ය ජයන්ත කියා සිටියේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ජාතික ගුවන් සේවයක ඇති වැදගත්කම අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව වත්මන් රජය විශ්වාස කරන …

Continue Reading

හිටපු මන්ත්‍රීවරුන්ට දුන් තවත් ‘සුවිශේෂ වරප්‍රසාදයක්‘ අවලංගුයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙසට ඊයේ (29) නියෝග කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලධාරීන් විසින් වෙනම ලිපි යවා ඇති බව ද වාර්තා වේ. පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ උසස් …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය ගැන විද්වත් කමිටුවෙන් බරපතළ නිර්දේශයක්

පසුගිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ සංඛ්‍යාලේඛනවේදීන්ගෙන් සමන්විත කමිටුව 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට වඩාත්ම පෙනී සිටි සියලුම සිසුන්ට කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට නිර්දේශ කර ඇති අතර එම නිර්දේශවලට අනුව විභාග දෙපාර්තමේන්තුව ඉහත විසඳුම අනුගමනය …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට අධ්‍යාපන අමාත්‍යාංශය දෙන විසඳුම

2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.

Continue Reading

හිඟ බදු ගෙවන්නන් වෙත දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන අදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළියකට යටත් වේ. මෙම දඩ හෝ …

Continue Reading

නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව රජයේ කෙටි කාලීන කැබිනට් …

Continue Reading