මන්ත්‍රීවරුන් 55 දෙනකුට මසකට ලක්ෂ දෙකක දීමනාවක්
තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාවක් ලබාදීම දැඩිව හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ අනෙකුත් දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති බව කියන රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට ආසන්න ගෙවීම පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුනේ …
Continue Reading
ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ පරික්ෂණ දෙකකින් අසමත් වෙයි!
ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් මේ වනවිට අවසන් වි ඇති අතර එම පරික්ෂණ දෙකෙදිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වි තිබේන බව අමෙරිකානු අප විශේෂ නියෝජිතයෙකු සදහන් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ හදිසියේම …
Continue Reading
ත්‍රීවිල් පදවන්න විශේෂ අනුමැතියක් අනිවාර්යය වෙයි!
පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝජග අදාළ වන්නා වූ කිසිදු …
Continue Reading
වර්ජනයෙන් රජයට කෝටි 10ක පාඩුවක්!
දුම්රිය සේවකයන් දින පහක කාලයක් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක් සිදුවී ඇතැයි ද හෙතෙම කීය. දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා …
Continue Reading
දුම්රිය වර්ජනය අවසන්! බස් වර්ජනයක් ඇරඹෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද(12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය. එහිදි වර්ජනයට හේතුවු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව කියා සිටි ඉන්දික දොඩංගොඩ මහතා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන …
Continue Reading
ජනපතිගේ සමීපතමයෙකු වන ඉසුරගේ සැප පුටු ගැහිල්ල ජවිපෙන් නතර කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය සමීපතම දේශපාලන සඟයෙකු ලෙස ප්‍රකට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඉසුර දේවප්‍රියගේ සෘජු මැදිහත් වීම සහ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව …
Continue Reading
දහම් පුතාගේ තවත් එක් සිහිනයක් ජනාධිපති තාත්තා සැබෑ කරයි..
ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන දහම් සිරිසේන මහතා වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම සේවකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාලය සම්පූර්ණයෙන් නවීකරණය කර තිබෙන අතර ලී බඩු පවා අලුතෙන් මිල දී ගෙන ඇත. …
Continue Reading
රතන හිමිට ජාත්‍යන්තර ජයක්! ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බවට අමෙරිකානු අධිකරණයකින් තින්දුවක් (Video)
ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක පිළිකා සඳහා හේතු වී ඇති බවට කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් තීන්දු කර ඇත. ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධව පළමු නඩු විභාගය මෙය වීම විශේෂත්වයක් වේ. ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක සිය පිළිකා රෝගයට හේතු වූ බව පවසන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 289ක වන්දි මුදලක් ප්‍රදානය කරන ලෙස අමෙරිකානු අධිකරණයක් එරට කෘෂි රසායන සමාගමට …
Continue Reading
දැවැන්ත වෛද්‍ය වැඩවර්ජනයට පෙර ජනපති වැඩේට අත ගසයි
කුප්‍රකට මලික් සමරවික්‍රම විසින් සකස් කොට හොර රහසේ අත්සන් තබන ලද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වහාම අවලංගු කොට ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කොට විමර්ශනයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් සිදුකළ අතර එයට නිසි ප්‍රතිචාර නොලැබුණු හෙයින් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට එම සංගමය තීරණය කොට තිබිණ. අඛණ්ඩ දුම්රිය …
Continue Reading
හිරේ ගිය ඥානසාර හිමි රටට දුන් පණිවුඩය..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණු 2016 ජනවාරි 26වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපෑමට සිදුවූවා ය. එදින අධිකරණය ට පැමිණි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට බැණවැදී ඔහු …
Continue Reading