Mrs. World 2021 තරඟය ලංකාවට අහිමි වෙයි

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ Mrs. World 2021 තරඟය මෙරට COVID-19 තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් වෙත මාරු කළ බව උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා. චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම් තහනම් කර තිබූ හෙයින් Mrs. World 2021 තරඟය සඳහා වූ උත්සව ප්‍රවර්‍ධනයන් ආරම්භ කිරීමට නොහැකි වූ බවයි. කෙසේ …

Continue Reading

රට වසනවාද ? නැද්ද ? – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීම හෝ අගුලු දැමීම පිළිබඳ තීරණය රජය ඒ අනුව ගනු ඇති බවයි. “තත්ත්වය පිළිබඳව වරින් වර සමාලෝචනය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් …

Continue Reading

ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ‍පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ  ඉන්දික අනුරුද්ද යන මහත්වරුන් විසිනි. අනතුරුව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිවරයා සභා ගර්භය වෙත …

Continue Reading

‍ලංකාවට ඉදිරි සති දෙක තීරණාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

රට තුළ වේගයෙන් ව්‍යාප්ති වන ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අද (03) අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ නරකින් තවත් නරක අතට හැරීමේ අවදානමක් පවතින බවයි. “දිනකට වාර්තා වන අඩු සිද්ධි සංඛ්‍යාවට හේතු වී ඇත්තේ දිනකට සිදු කෙරෙන සීමිත …

Continue Reading

ආණ්ඩුව ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා – විශේෂඥ වෛද්‍ය සංගමය

සම්ප්‍රේෂණ හැකියාවෙන් ඉතා ඉහළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස සැලකිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  මහතා පැවැසීය. මේ වනවිට කොරෝනා  රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි ප්‍රනාන්දු මහතා පවසන්නේ. රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම …

Continue Reading

‘මහ පොළොව නිදහස් කර ගැනීමේ‘ ජාතික වගකීම’

චින්තක සී ගුණදාස – ලේකම්, ගොවි උදාන ව්‍යාපාරය පරිසර හිතකාමී නොවන රසායනික යෙදවුම් භාවිතය හේතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මය මාරාන්තික කෘෂිකර්මයක් බවට පත්වෙමින් තිබිණි. අන් කවරදාකටත් වඩා සමාජ, ආර්ථික,සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින බරපතළ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සිය කැබිනට් මණ්ඩලය වෙත “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ” යන මැයෙන් ඉදිරිපත් …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 74ක්

තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (02) තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading

‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත‘ කඩිනමින් පාර්ලිමේන්තුවට

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමටනව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්  ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.  අද (03) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම …

Continue Reading

රසායනික පොහොර තහනමේ ගැසට් එකත් රිවස් කරයි

රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර තිබේ. යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අද (03) නිකුත් කරනු ලැබීය. යූරිය …

Continue Reading

කාබනික වගාවට ජපානයේ සහය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ. ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අධ්‍යනය කිරීමෙන් පසු ආයතනයේ ප්‍රධානීන් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුවය. ශාක කොටස් හා ගොම එක්කරමින් …

Continue Reading