රට වසනවාද ? නැද්ද ? – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව

Spread the love

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීම හෝ අගුලු දැමීම පිළිබඳ තීරණය රජය ඒ අනුව ගනු ඇති බවයි.

“තත්ත්වය පිළිබඳව වරින් වර සමාලෝචනය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් අදාළ පියවර ගනිමින් සිටින බව” ඔහු පැවසීය.

“අපි දැනට COVID-19 තත්වයට මුහුණ දීමේ ආර්ථිකය හා සමාජයීය අංශ සමඟ සමබරතාවයක් පවත්වා ගනිමින් ගමන් කරමින් සිටිනවා. කෙසේ වෙතත්, සීමා කිරීම් දැඩි කළ යුතු යැයි හෝ රට අගුලු දැමිය යුතු යැයි බලධාරීන්ට හැඟේ නම් කිසිදු පැකිලීමකින් තොරව සුදුසු පියවර ගන්නවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

නැවත දැනුම් දෙන තුරු සෞඛ්‍ය උපදෙස් සහ භාවිතයන් දැඩි ලෙස අනුගමනය කිරීමේ වැදගත්කම ද හේමන්ත හේරත් මහතා යළි අවධාරණය කළේය.

Related Posts