ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි

ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ලිට්රෝ සමාගමේ ගෑස් …

Continue Reading

රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි. තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම …

Continue Reading

පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි. ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මරණ 118ක් – ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව

ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ යනවා.. මෙම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු …

Continue Reading

නිවාසවල ප්‍රතිකාර ලබන ‘කොවිඩ් රෝගීන් සහ උපස්ථායකයින්‘ දැන සිටිය යුතු කරුණු

රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට නිවෙස්වලදීම ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. ඔවුන් ඒ සඳහා යොමු කෙරෙන්නේ රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුවය. එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් දැන සිටිය යුතු කරුණු පිළිබඳ කෙටි විමසුමකි මේ (මූලාශ්‍රය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය). නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුත්තේ කවුරුන්ද? සංකූලතා නොපෙන්වන …

Continue Reading

කවුරුත් කරනකම් බලා ඉන්න එපා ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න – සුදර්ශනී

‘රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න‘ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. අද (10) …

Continue Reading

රට වසා දැමීම ගැන රජයේ ස්ථාවරය කුමක්ද ? කෙහෙළිය හෙළි කරන කතාව

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය …

Continue Reading

කොරෝනා පාලනයට අලුත් ගැසට් එකක්

මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 111ක්

අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.  

Continue Reading

රටේ ආර්ථිකය ද ? ජීවිතය ද ? – ‘නිවැරදි තීන්දුව කඩිනමින් ගන්න‘

ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු …

Continue Reading