නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. ගින්නෙන් තවත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් ඇති බවත් මිය ගිය බොහෝ …

Continue Reading

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවට ඉන්දියානු ණය සහනය යටතේ දුම්රිය මැදිරි එක් වේ

ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතාවලට තවත් පරිච්ඡේදයක් එක් කරමින් ඉන්දියාණු ණය සහනය යටතේ ශ්‍රී ලංකාවට සපයන ලද වායු සමනය කළ ඩීසල් බහු ඒකකය (DMU) භාවිතයෙන් ශ්‍රී ලංකාව දුම්රිය සේවාවකට එක් කරන ලදී. මෙය ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනයට යොදවන ලදී. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ උතුරු පළාතේ දියත් කරන ලද දුම්රිය සේවාව ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ …

Continue Reading

දිනකට පැය 2 1/2ක ‘විදුලිය කප්පාදුවක්‘ ?

ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය. දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය. ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා …

Continue Reading

2021දී මත්පැන් බලපත්‍ර 150ක් දීලා

පසුගිය 2021 වසරේ මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 81ක් සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපනශාලා සඳහා නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 69ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ 2015 වසරේ සිට නගරවල සාමාන්‍ය මත්පැන් අලෙවිසැල් සඳහා එකදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවයි.

Continue Reading

දිනපතා විදුලිය කපන්න ලංවිමට අවසර දීලා

දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බවයි රත්නායක මහතා පැවසුවේ. විදුලිය කප්පාදු කිරීමට නම් ලංවීම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිවාර්යෙන්ම අවසර ලබගත යුතු බව ද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා …

Continue Reading

දඹුල්ල ආර්ථිකේ නාඩිකරුවෝ රජවෙලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය  මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා එළවළු මිලෙහි අඩුවීමේ  වාසිය මෙතෙක් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඇතැම් කණ්ඩායම් සහ …

Continue Reading

අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, “ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත …

Continue Reading

ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ …

Continue Reading

රසායනික අවි භාවිත කිරීමේ චෝදනා: ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී (UNSC) ඉන්දියාව ප්‍රකාශ කළේ කලාපය ඇතුළුව ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයින් රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාවට එරෙහිව රට නැවත නැවතත් අනතුරු අඟවා ඇති බවයි. සිරියාව (රසායනික අවි) පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටී.එස් තිරුමූර්තිගේ ප්‍රකාශයක් පැවසුවේ ISIL සිරියාවේ ක්‍රියාකාරීව සිටීමෙන් පසුව, කණ්ඩායම සිය සටන් හැකියාවන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන …

Continue Reading

‘ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරන බව සෞඛ්‍ය ඇමති කියයි

පළමු සහ දෙවන මාත්‍රාවට අමතරව පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා බූස්ටර් මාත්‍රාව ද අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.   සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ QR කේතයක් සහිත නව එන්නත් කාඩ්පතක් සහ එන්නත් කිරීමේ යෙදුමක් ළඟදීම හඳුන්වා දෙන බවයි. “එමගින්, පොදු ස්ථානවලට ඇතුළු වන පුද්ගලයින්ට COVID එන්නතක මාත්‍රා තුනක් අනිවාර්ය කරනු ඇත,” ඔහු පැවසීය. …

Continue Reading