මගේ කඩුවෙන් කැපී යන්නට පක්ෂ-පාට- ඥාති සබඳතා අදාළ නෑ – ජනපති කියයි (Video)

පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේ දී පක්ෂ, පාට, හෝ කිසිදු ඥාති සබඳතාවක් නොසළකන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහසේ සම්මුතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවිය. වංචාවෙන් සහ දූෂණයෙන් …

Continue Reading

ජනපති ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සොයා බලයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය …

Continue Reading

ඇමති සුසිල් කොළ එළි දල්වයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක්‌ මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් …

Continue Reading

ඡන්දය ඉල්ලන් ගෙවල් ගානේ යන අයට කොන්දේසියක්!

පළාත් පාලන මැතිවරණයට අදාලව අපේක්ෂකයා සමඟ ආධාරකරුවන් 10 දෙනෙකු පමණක් ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට පක්ෂ ලේකම්වරු එකඟතාව පල කර තිබේ. විශාල පිරිසක් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඇති විය හැකි ගැටුම් අවම කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(27) …

Continue Reading

මහින්ද හින්දවමින් මහින්දගේ ආධාරකරුවෝ ජනපති මෛත්‍රී වටා රොක්වෙති

හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ. අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය …

Continue Reading

ශ්‍රීලනිපය අලුත් ගිවිසුමකට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ. මෙහිදී දේශපාලන පක්‍ෂ 15 ක අවබෝධතා ගිවිසුමට අත්සන් කරන …

Continue Reading

රාජපක්ෂලා විමල්ව කපා දමයි; විමල් දුරකථනයත් විසන්ධිකොට කොළඹින් පිටවෙයි (Exclusive)

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ …

Continue Reading

තැපැල් ඡන්දය ජනවාරි 25-26

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ඡන්ද සඳහා අයෑදුම්පත් භාර ගැනීම පසුගිය 22 දායින් අවසන් වූ අතර එම තැපැල් ඡන්ද සහතික කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය. තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කිරීම ලබන 11 වැනිදා සිදුකෙරේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සහ විශේෂ ආරක්‍ෂාව මැද තැපැල් …

Continue Reading

බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න එපා – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බුද්ධ ප්‍රතිමා හා බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරමින් සිංහල ජාතියද, බුද්ධ ශාසනයද විනාශ කිරීමේ ඉතාම භයානක කුමන්ත්‍රණකාරී සිදුවීමක්‌ මේවන විටත් ක්‍රියාත්මක වන බවත්, මේ භයානක ක්‍රියාව වහාම මැඬපැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු කළයුතු බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ. නාහිමියන් එසේ පැවසුයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපාධ්‍යාය කෝට්‌ටේ ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති ආචාර්ය දිමියාවේ අමරවංශ නාහිමියන්ට අනුනායක පදවිය …

Continue Reading

ශ්‍රී ලංකන් – මිහින් එයාර් දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්‌

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 දා) පෙරවරුවේ කඩුවෙල සතිපොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජනහමුවක්‌ අමතමිනි. මෙවර පළාත් …

Continue Reading