‘කාබනික පොහොර වැඩසටහන ආපසු හරවන්නෑ‘ – කෘෂි ඇමති

නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළ ද කිසිසේත් වී සහ එළවළුවලට රසායනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ බව ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත. වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන …

Continue Reading

පොහොර ගැසට් එකත් රිවස් කළ බව කෘෂිකර්ම ලේකම් කියයි

කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ග ගත සැලැස්මට අනුව නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ ය. ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් …

Continue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් රැසක් විදේශීය ජාවාරම්කාරයින්ට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන …

Continue Reading

හෙක්ටයාර් දෙකකට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය. …

Continue Reading

කාබනික වගාව ගැන නිසි දැනුවත් කිරීමක් අදාළ ආයතනවලින් සිදුවන්නේ නෑ

ජනතාවගේ සහ මහ පොළොවේ සෞඛ්‍ය සහතික කර නිරෝගීමත් රටක් ගොඩනැගීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාවට නංවා ඇති කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති. කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට පවතින ගැටලු සහ යෝජනා පිළිබඳ අනුරාධපුර, කුලියාපිටිය පදවිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් …

Continue Reading

ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී. හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර …

Continue Reading

මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 5/8ක වගා කටයුතු අරඹලා – කෘෂිකර්ම ඇමති

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර්  ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා කිරීමට පෙළඹෙන බවය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන …

Continue Reading

චීන කාබනික පොහොර සමාගමෙන් අභියෝගයක්

චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව …

Continue Reading

පාකිස්ථාන ලොකු ලූණු ගේන්න කලින් අස්වනු විකුණා ගන්න – දේශීය ලොකු ලූණු ගොවීන්ට අවවාද

අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය ලොකු ලූණු  මිල පහත  යා හැකි නිසා ඉහළ මිල ගණන් පවතිද්දී තමන් සතු දේශීය ලොකු ලූණු අස්වනු වහාම අලෙවි කර ගන්නැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති. …

Continue Reading

‘දැන් ඉතිං ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ’ – කෘෂිකර්ම ලේකම්

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන  මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොම්පෝස්ට් ඝණ පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කර ගැනීම සඳහා රජයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 12,500 බැගින් මුදල් ලබා දී ඇති බවය. එලෙස මුදල් ආධාර …

Continue Reading