‘කාබනික පොහොර වැඩසටහන ආපසු හරවන්නෑ‘ – කෘෂි ඇමති

Spread the love

නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළ ද කිසිසේත් වී සහ එළවළුවලට රසායනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ බව ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයිද අවධාරණය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද සඳහන් කරයි.

ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් ආණ්ඩුව කිසිඳු ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Posts