පොහොට්‌ටුවේ 6 ක්‌ ශ්‍රීලනිපයේ 2 ක්‌ නාම යෝජනා ප්‍රතික්‌ෂේපයි

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක්‌ ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප කර ඇත. පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර එහිදී ඉදිරිපත් වූ විරෝධතා සැලකිල්ලට ගෙන නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කිරීමට දිස්‌ත්‍රික්‌ …

Continue Reading

රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ. මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිලි බුවනෙක අලුවිහාරේ‍, අනිල් ගුණරත්න හා විජිත් මානගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල …

Continue Reading

මැණික් ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට ජනපතිගෙන් සහන

මැණික් ව්‍යාපාරිකයන්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මැණික් ව්‍යාපාරිකයන් සහ මැණික් පතල්කරුවන් සිය කටයුතු කරගෙන යාමේ දී මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. නීත්‍යානුකූල බලපත්‍ර සහිත මැණික් පතල් කැණීමේ කටයුතුවල දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල් …

Continue Reading

ශ්‍රීලනිප එකමුතුවට විරුද්ධ වුණේ නාමල් සහ ප්‍රසන්න- දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ එකමුතුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූයේ නාමල් රාජපක්‍ෂ හා ප්‍රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බැව් පැවැසීය. ඒකාබද්ධයේ බහුතර පිරිසක්‌ එකතුවට කැමැති වෙද්දී මෙම දෙදෙනා නිසා සමගිය නැතිවීම …

Continue Reading

නාමල් ඇතුළු 5කට එරෙහි නඩුව-දෙසැ.20 සිට30 දක්වා විදේශගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (14) සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (13) තීරණය කෙළේය. මෙම ගණුදෙනුවේදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස …

Continue Reading

උතුරේ ඡන්දයට මැදිහත්වන්න නෝර්වේ ඩයස්‌පෝරාවක්‌ දිවයිනට

උතුරේ පළාත් පාලන මැතිවරණයට මැදිහත්වීම සඳහා නෝර්වෙහි කොටි ඩයස්‌පෝරාවේ 60 ක කණ්‌ඩායමක්‌ ලබන සතියේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. මේ බව ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට්‌ සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා විසින් හෙළිකර තිබෙන අතර මොවුන් භාවිතා කරන්නේ තම නියම නම් නොව නෝර්වේ බලධාරීන් සැපයූ අන්වර්ථ නාමයන් බවද පැවසේ. සංචාරකයන් වේශයෙන් උතුරට පැමිණෙන මෙම ඩයස්‌පෝරා කණ්‌ඩායමේ අරමුණ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව තරග වදින පක්‍ෂවලට …

Continue Reading

පෙළපාලි, රැස්‌වීම්, පාගමන් තහනම් – ආයතන 93කට නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (14 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි. නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට අදාළ තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී පැයක කාලයක්‌ ලබාදෙන අතර පසුව පිළිගත් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වල නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම ආයතනවලට තරග කරන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලින් …

Continue Reading

දුම්රිය වර්ජනය අවසන්

ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ. සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දුම්රිය වෘත්තිය සමිති …

Continue Reading

තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා …

Continue Reading

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20 ක් කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු 20 දෙනකු ඊයේ දිනයේ සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. මෙයින් 10 දෙනකුට පත්වීම් ලිපි දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) දිනයේ නිකුත්කොට ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සේවයට බඳවාගැනීම ආරම්භ කළද එම බඳවාගැනීම් අදින් (13) අවසන් වෙයි. දැනට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරු නියාමක රාජකාරියද …

Continue Reading