දූෂණ-වංචා චෝදනා එල්ල වීමත් සමඟම ජනපති නියමයෙන් අනුද්ධ පොල්ගම්පොළව ගෙදර යවයි

නැඟුනු ජනතා විරෝධය සහ මාධ්‍ය අනාවරණයන්ට අනුව රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කටයුතු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය දැව සංස්‌ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා අල්ලස්‌ ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට පත්වීමෙන් පසු හිස්‌ වූ එම ධුරය සඳහා අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුගිය 04 වැනිදා පත්වීම් ලැබීය. …

Continue Reading

කුප්‍රකට මලික්ගේ කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි. සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම …

Continue Reading

ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, …

Continue Reading

වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද..?

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති අයි.බී.අබේසිංහ මහතා අද(09) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දිවි නැඟුම සංශෝධිත පනතට අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට හැකියාවක් නොමැති බවයි. මෙම ආණ්ඩුව හොරිකඩ ආණ්ඩුවක් බවත්, එය පවත්වාගෙන යාමට මුදල් නොමැති හේතුවෙන් අහිංසක ජනතාවගේ මුදල්ද විනාශ …

Continue Reading

අජිත් කබ්රාල්ගේ මිලියන 698ක වංචාවක් සොයා FCIDය ගිණුම් පිරික්සයි

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලියන 698ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(09) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට …

Continue Reading

අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අයවලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඔවුන් ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත. ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි …

Continue Reading

ශ්‍රීලනිප 16ක් විපක්ෂයට; එජාප ආණ්ඩුව පෙරළන මැයි 08 අරගලය ඇරඹෙයි (Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස්‌ දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස්‌ විපක්‍ෂයේ අසුන් ගත්හ. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා සභා ගැබට පිවිසීමට පෙර මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාදවන අවස්‌ථාවේදී මෙම හිටපු ඇමැතිවරු සභාව මැදින් ගොස්‌ …

Continue Reading

දුම්රිය වර්ජනය පැය 12කින් කල් දමයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය හෙට(09) දහවල් 12 දක්වා තාවකාලිකව කල්දමා තිබේ. වැටුප් විශමතාව ඉවත් කිරීම සිදු කරන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන්,රියදුරන්,ස්ථානාධිපතිවරුන් සමඟ දුම්රිය පාලකවරුන් බලධාරීන්ගෙන් සිදුකල ඉල්ලීමට විසඳුම් ප්‍රමාදවීමට අදාළව වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම වෘත්තිය සංගම් පවසා තිබුණි. ඒ අනුව අද දින …

Continue Reading

පරිවර්තනීය යුගයක් සෑම විටම දුෂ්කර හා ජනප්‍රිය නොවන කාලයක් – ජනාධිපති

සමස්ත ශ‍්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත් පත් කර ගැනීමක් හා අල්ලසට, දුෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්‍ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(08) පස්වරුවේ පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද කතාව. අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය …

Continue Reading

දුම්රිය: සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය ක්‍රියාත්මකයි; විදුලිය: අකුරට වැඩ

අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ. අද(08) පෙරවරු 10.00 ට පැවති අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්ය. කෙසේවෙතත් එම සාකච්ඡාවේදී සිය ඉල්ලිම්වලට සාධනීය පිලිතුරක් …

Continue Reading