අජිත් කබ්රාල්ගේ මිලියන 698ක වංචාවක් සොයා FCIDය ගිණුම් පිරික්සයි

Spread the love

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලියන 698ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(09) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය.

2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඊට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ බැංකු ගිණුම් කිහිපයක් පරික්ෂා කිරීමට ද අධිකරණය අවසර ලබාදී තිබේ.

RSL

Related Posts