බොරු මාධ්‍ය සංදර්ශන දැම්මට ඩීල් දමමින් රාජපක්ෂවරු රකින්නේ මෛත්‍රී සහ සහෝදරයින් සහ රනිල් – දූෂණ විරෝධී හඬ
-
RSL
-
August 13, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ජනතාව ඉදිරියේ බොරු මාධ්‍ය සංදර්ශන දමමින් රාජපක්ෂවරුන්ගේ හොරකම්, වංචා දූෂණ ගැන කෑ ගැසුවද ඇමරිකාවට පැන ගිය බැසිල්ව පවා ලංකාවට ගෙන්න ගෙන රාජපක්ෂවරු සමඟ ඩීල් දමන්නේ මෛත්‍රී සහ ඔහුගේ සහෝදරයින් සහ රනිල් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා හෙම්මාතගමදී පැවති ජනහමුවක් අමතමිනි. එදා ඡන්ද ප්‍රතිඵලයත් එක්ක …
Continue Reading
දුම්රිය වර්ජනය අවසන්! බස් වර්ජනයක් ඇරඹෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද(12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය. එහිදි වර්ජනයට හේතුවු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව කියා සිටි ඉන්දික දොඩංගොඩ මහතා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන …
Continue Reading
ජනපතිගේ සමීපතමයෙකු වන ඉසුරගේ සැප පුටු ගැහිල්ල ජවිපෙන් නතර කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය සමීපතම දේශපාලන සඟයෙකු ලෙස ප්‍රකට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඉසුර දේවප්‍රියගේ සෘජු මැදිහත් වීම සහ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව …
Continue Reading
ජනපති කැබිනට්ටුවට තඟ දමයි..?
කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචනය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන්ට තරයේ නියෝග කර තිබේ. එවැනි සාමූහික තීන්දු පිටතට පැමිණ විවේචනය කිරීම නිසා රජයේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඒ තුළින් රජයේ කටයුතු ගැන වැරැදි අවබෝධයක් ජනනය වන බවද ජනාධිපතිවරයා පවසා ඇත. කැබිනට් හමුව තුළ කිසිදු අදහස් දැක්වීමක් …
Continue Reading
සිංගප්පූරු ගිවිසුමේ කොළේ වහලා ගහපු ගැසට් එක එළියට
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව අංක 2069/2-2018 මැයි මස 01දා අඟහරුවාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය, පාර්ලිමේන්තුවටත් නොදන්වා කොළය වසා නිකුත් කර තිබෙන නීති විරෝධී ගැසට් නිවේදනයක් වන හෙයින් එය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙත්සමත් ගොනු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. මෙම ගැසට් නිවේදනයේ වැදගත්ම කොටස වසා වෙනම යෝජනාවක් මුද්‍රණය කර ගැසට් නිවේදනයේ …
Continue Reading
දහම් පුතාගේ තවත් එක් සිහිනයක් ජනාධිපති තාත්තා සැබෑ කරයි..
ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන දහම් සිරිසේන මහතා වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම සේවකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාලය සම්පූර්ණයෙන් නවීකරණය කර තිබෙන අතර ලී බඩු පවා අලුතෙන් මිල දී ගෙන ඇත. …
Continue Reading
රතන හිමිට ජාත්‍යන්තර ජයක්! ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බවට අමෙරිකානු අධිකරණයකින් තින්දුවක් (Video)
ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක පිළිකා සඳහා හේතු වී ඇති බවට කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් තීන්දු කර ඇත. ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධව පළමු නඩු විභාගය මෙය වීම විශේෂත්වයක් වේ. ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක සිය පිළිකා රෝගයට හේතු වූ බව පවසන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 289ක වන්දි මුදලක් ප්රදානය කරන ලෙස අමෙරිකානු අධිකරණයක් එරට කෘෂි රසායන සමාගමට …
Continue Reading
දැවැන්ත වෛද්‍ය වැඩවර්ජනයට පෙර ජනපති වැඩේට අත ගසයි
කුප්‍රකට මලික් සමරවික්‍රම විසින් සකස් කොට හොර රහසේ අත්සන් තබන ලද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වහාම අවලංගු කොට ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කොට විමර්ශනයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් සිදුකළ අතර එයට නිසි ප්‍රතිචාර නොලැබුණු හෙයින් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට එම සංගමය තීරණය කොට තිබිණ. අඛණ්ඩ දුම්රිය …
Continue Reading
හිරේ ගිය ඥානසාර හිමි රටට දුන් පණිවුඩය..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණු 2016 ජනවාරි 26වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපෑමට සිදුවූවා ය. එදින අධිකරණය ට පැමිණි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට බැණවැදී ඔහු …
Continue Reading
දුම්රිය වර්ජනය දිගටම.. බස් වර්ජනය හෙට සිට..
දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයන් පසුගිය 08 වැනිදා සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අද (11) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. ඊයේ (10) දිනයේත් වර්ජනය නැවැත්වීමට රජයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස …
Continue Reading