තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව මෝටර් රථ …

Continue Reading

පිටරට සහල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නෙමෙයි

පිටරටින් ආනයනය කරන සහල් සත්වයින්ට මිස මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒවා සඳහා විශාල වශයෙන් මෙරට භාවිතා නොකරන රසානික ද්‍රව්‍ය මෙන්ම, බාල පොහොර වර්ගද භාවිතා ක​ර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් සත්ව ආහාර සඳහා සහල් භාවිතා කළ නොහැකි බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර, ඒවායින් කොටසක් සත්ව පරිභෝජනය සඳහා ලබාදී, …

Continue Reading

ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයක – WFP

මෙරට ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන අනාවරණය කර තිබෙනවා. ඒ අනුව දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍රවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. වසර දෙකක භෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනය 50% කින් පහත වැටී ඇති අතර මේ වසරේ …

Continue Reading

ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ …

Continue Reading

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අදාළ අනුකමිටුව සඳහා ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ඇතුළත් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

Continue Reading

සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු දිනයක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එදින ජාතික ශෝක දිනයක් මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් …

Continue Reading

උසස් පෙළ කල් දමන්න – විමල්ගෙන් ඉල්ලීමක්

2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා. 2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ. එසේම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් යොදා …

Continue Reading

ඉන්ධන අවසරපත්‍ර පද්ධතියට නව විශේෂාංග දෙකක්

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම විශේෂාංග දෙක පහතින්. * වාහන නොවන අවශ්‍යතා සඳහා QR – ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව. ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් කඩිනමින් …

Continue Reading

බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000ක පොහොර දෙනවා

බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000 බැගින් පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගොවි ජනතාවගේ ඉල්ලීම වන්නේ වෙලාවට පොහොර සහ ඉන්ධන ලබාදීම සහ අස්වැන්නට හොඳ මිලක් ලබාදීම බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ . ගොවීන්ට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමටද උපරිම උත්සහාකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය ඉවත්කිරීම සහතික කිරීමට කමිටුවක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත්කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්තිගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා …

Continue Reading