රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය ඉවත්කිරීම සහතික කිරීමට කමිටුවක්

Spread the love

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්තිගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.එස්.එන්. ජයසිංහ පත්කර තිබෙනවා.

අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව හඳුනා ගෙන ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related Posts