ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි.

මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස., සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු අයට අයදුම් කළ හැකි යැයිද මීට පෙර බඳවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යෑම නිසා මෙම පුරප්පාඩුව ඇතිවී තිබෙන බවද හෙතෙම කීය.

මේ වන විට එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබෙන එල්ලූම්ගහට පකිස්තානයෙන් ආනයනය කළ කඹයක් තිබෙන බවත් එය යොදා කි‍්‍රයා කළ හැකි තත්ත්වයෙන් පවතිනවාද යන්න ඉදිරි දිනවලදී සොයා බලන බවත්ම් මේ සඳහා මනුෂ්‍ය බරට සමාන වැලි කොට්ට යොදා පරීක්‍ෂා කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

RSL

Related Posts