ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සඳහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනියුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙනසේ ඇඳුමින් සැරසී පැමිණ ඇත.
ආරක්ෂක තත්ත්වය මත ඇඳ පැමිණීමෙන් වලකින ලෙස අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලා තිබේ. එහෙත් එම ඉල්ලීම අදාළ ගුරුවරුන් විසින් ප්‍රතික්ශේප කර ඇති බව වාර්තා වෙයි.
පසුව ඉකුත් 7දා පාසලට පැමිණි මුස්ලිම් ජාතික ගුරුවරුන් 13 දෙනා පරීක්ෂා කිරීම සඳහා අවිස්සාවේල්ල පොලීසයට අනුයුක්ත කාන්තා පොලිස් නිලදාරිනියට හෝ පාසලේ කිසිවෙකුට හට අවස්ථාව ලබාදී නොමැති බවයි.
පසුව අදාළ ගුරුවරුන්ට හට පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වෙයි.
ආරක්ෂක කටයුතු සඳහා පහසුවක් වෙන ආකාරයෙන් ඇඳුමක් පැලඳ පාසලේ ඉගෙන්වීම් කටයුතු සඳහා සහභාගී වෙන ලෙස අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිය ද ඔවුන් සියලු දෙනා පාසලට පැමිණීම ප‍්‍රතික්ෂේප කර පිටත්ව ගිය බවද විරෝධතායේ යෙදුනු දෙමව්පියන් පවසයි.
පසුව අදාළ ගුරුවරුන් පිරිස බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාද් සාලි මහතා මුණ ගැසී මේ පිළිබඳව දන්වා සිටීමෙන් පසු පැය කිහිපයක් ඇතුළත අදාළ ගුරුවරුන් 13 දෙනාම වෙනත් පාසල්වලට මාරු කර යවා තිබේ.