
මෙවර 2018 අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප‍්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය.
වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂිත ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මේ අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘අපි රට දියුණු කරන්න නම් වැඩි ප‍්‍රමුඛතාවය දිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් බිහිකර ගැනීමටයි. අපි පොත් පත්වල දැනුම ලැබීමෙන් පමණක් සමාජයක් ලෙස ඉදිරියට යන්න බැහැ. ඒ සඳහා සමාජය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. සමාජ විෂමතා, එහි සිදුවන දේවල්, එකිනෙකාගේ වෙනස්කම්, සමාජයේ ඇති වන හැලහැප්පීම් ආදිය තේරුම් ගන්නට නොහැකි වුවහොත්, ආත්ම විශ්වාසය ආත්ම ධෛර්යය ගොඩනගාගැනීමට නොහැකි වුවහොත් එවැනි අයට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. සිය දිවි නසාගැනීම් වැඩි වන්නේ ඒ නිසයි” යැයි ද ජනපති කීය.