අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා.
CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.
හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි පදනම මෙන්ම් ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමඟ බෞද්ධයා නාලිකාවේ හා සම්බෝධි පදනමේ පාලනය අත්පත් කර ගැනීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කළ බවට පසුගිය කාලය පුරාම විවිධ වාර්තා පළ වූ අතරම මේ වන විට එම තත්ත්වය උග්‍ර අතර හැරි ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට විහාරස්ථානයේ වගකිව යුතු පුද්ගලයෙක් සම්බන්ධ කර ගැනීමට අප විසින් දැරූ උත්සහය ද ව්‍යර්ථ විය.