අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!
- RSL
- March 31, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම දූෂණ විරෝධී පෙරමුණ වෙත සමාලෝචන වාර්තාවක් එවා ඇත.
ඒ අනුව එම පෙරමුණ ඉදිරිපත් කරන ලද පැමිණිලි බොහෝ ගණනක් සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බව පෙනී යයි. ඒ අතර සේලයින් නිෂ්පාදන සමාගමක් වන ෆුජි සමාගමේ ටෙන්ඩර් ගනුදෙනුවක පරික්ෂණ අවසන්ව ඇත. ලක්සල ආයතනයේ සිදු වූ බරපතළ අක්‍රමිකතා දෙකක පරික්ෂණ අවසන්ව ඇත. මිහින් ලංකා සමාගමේ සිදු වූ මහා පරිමාණ මුදල් වංචා පිළිබඳ පරික්ෂණ අවසන් අදියරේ තිබේ. දළදා මාලිගාවේ ගිහි ප්‍රධානිය විසින් කරන ලද මුදල් අවභාවිතය පිළිබඳ පරික්ෂණ අවසන්ව ඇත.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව වානේ සංස්ථාවේ මුදල් අපහරණයක් ගැන එල්ල වී ඇති චෝදනා ද ඇත්තේ තවදුරටත් පරික්ෂණ කටයුතු සිදු කරන මට්ටමේ ය.
දූෂණ විරෝධී පෙරමුණ වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් එවා ඇති ප්‍රගති සමාලෝචන වාර්තාව ඉතා දිගු එකක් වන බැවින් එහි ඇතුළත් තොරතුරු කොටස් වශයෙන් ගෙන එන්නට අප අදහස් කරමු.
