බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි
- RSL
- March 11, 2017
- පුවත් සහ වාර්තා
- Arjuna Mahendran, Bond Scammer, news, reports
- 0 Comments
මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පිහිටුවා ඇති විශේෂ රහස් පොලිස් ඒකකය හිටපු මහ බැංකු අධිපති මෙන්ම බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඊයේ (10 දා) පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කොමිසමේ විශේෂ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබිණි.
ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ පෙරවරු 9.30 ට පමණ ජනාධිපති කොමිසමේ විශේෂ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ සිය නීතිඥවරුන් ද සමඟය.
මහා භාණ්‌ඩාගාරයේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇති බව කියන විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රියා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී රහස් පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් මහතා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්‌ඩායමක් මෙම ප්‍රශ්න කිරීම් සිදු කළහ.