පිස්සු කෙලින භික්‍ෂුන් සිවුරුහැර සසුනෙන් නෙරපයි…!

Spread the love

විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි.

මෙම කමිටුව සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයන්හි නියෝජිත හිමිවරුන්, නීති විශාරදයන්, බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් හා බස්නායක නිලමේවරුන් ඇතුලත්ය.

බුදු සසුනට පටහැනිව ක්‍රියාවන් යෙදෙන හිමිවරුන් ශාසනයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ද මීට පෙර සාකච්ඡා කර ඇති බවත් එයද මෙහිදී සැලකිල්ලට ගැනේ.

ඒ අනුව එවන් හිමිවරුන් පිළිබඳ විනිශ්චය කර හිමිවරුන් වැරදිකරුවන් වුවහොත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට සංඝ සභාව මගින් දන්වා යවන අතර ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග හරහා භික්ෂුවගේ ලියාපදිංචිය අහෝසි කිරීමටද යෝජනා වී තිබේ.

Related Posts