නව කොවිඩ් ප්‍රභේදයක් දිස්ත්‍රික්ක 04ක් ආක්‍රමණය කරලා

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වන බවත් එය එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රභේදයේ පැතිර යාමේදී එංගලන්තය ලොක් ඩවුන් කළ බවත් ලංකාව එසේ නොකරනවා …

Continue Reading

ප්‍රතිප්තිගරුකව රට පාලනය කරන ලෙස ‘බෞද්ධ උපදේශක සභාව’ ජනපතිට කියයි

සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ …විවේචන සාධාරණව සලකා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවන්න ….තැබූ විශ්වාසයේ අඩුවක් නැහැ,සෑමවිටම ආශිර්වාද කරනවා  සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යයි. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දෙයි. ඇතමුන් කුමක් ප්‍රකාශ කළද …

Continue Reading

ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ. මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන ඡාරූපයක්ද දැකගැනීමට හැකිවිය. මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට …

Continue Reading

Crudia zeylanica ගස අනතුරේ ද ?

මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. – මහාචාර්ය සිරිල් විජේසුන්දර මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ‘කෝප් කමිටු රැස්වීම’ අතරමඟ අත් හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම …

Continue Reading

ආර්ථික මධ්‍යස්ථානවල ‘අතරමැදි මාෆියාව’ ගැන කෘෂිකර්ම ඇමැති කී කතාව

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු මිලදී ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු …

Continue Reading

පණු කරඳ – Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි. ‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී. ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා …

Continue Reading

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ‘කොමිෂන් සභාවක්’ කිරීමට නිර්දේශ

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව)  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10) නිර්දේශ කළේය. මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව  ඊයේ (10) රැස්වූ අතර  ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය …

Continue Reading

අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට  අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට  ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී පැවසීය. මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් …

Continue Reading

නාරාහේන්පිට ‘State Trust Center’ වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත  “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට …

Continue Reading