‘බදු සහන ගසා කෑ ව්‍යාපාරිකයින්ට’ එරෙහිව නීතිය අකුරට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් …

Continue Reading

පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ නිලධාරීන්ගෙන් බලපෑම්

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ. මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන …

Continue Reading

රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය

සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග …

Continue Reading

‘බුර්කාවට’ මුවා වී සමාජ මාධ්‍ය යළි දේශපාලන වෛරය පතුරුවයි

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත. මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුල නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය. පටු දේශපාලන …

Continue Reading

සජිත් පේ‍්‍රමදාස මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 1800ක ණයකරුවෙක් කරලා

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සංස්කෘති අරමුදල භාරව කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වූ සජිත් පේ‍්‍රමදාස මහතා එහි මුදල් රුපිියල් මිලියන 3800ක් අවභාවිත කළ ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කියයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රඹුක්කනල දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සේම අධ්‍යක්ෂ මධ්‍යම සංස්කෘතික …

Continue Reading

මහ ඡන්දෙට පොහොට්ටුව පමණයි – නාමල් රාජපක්ෂ

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද ? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ඊයේ පුත්තල ප‍්‍රදේශයේ පැවැති ජන හමුකදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ …

Continue Reading

මැති ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලවල අනිසි මැදිහත්වීම්වලට ‘PB ගෙන් රතු එළියක්’

අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 7 වැනිදා දාතමින් යුතුව චක්‍රලේඛය නිකුත් කරමින් අග‍්‍රාමාන්‍ය ලේකම්වරයාට ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග කර ඇත. මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද …

Continue Reading

ශ‍්‍රී ලංකාවෙන් දිනපතා අලුතින් පිළිකා රෝගීන් 64ක්

ශ‍්‍රී ලංකාවෙන් වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙකු පමණ වාර්තා වන බවත් දෛනිකව පිළිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනකු මිය යන බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනකු වාර්තා වන බවයි. ලෝකයේ බෝ නොවන රෝග හේතුවෙන් වාර්තා වන මරණවලින් දෙවැනි තැන හිමිවන්නේ පිළිකාවට බව කී විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා එයින් 3/1ක් …

Continue Reading

රැකියා විරහිත උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ජනපති නියෝගයෙන් ඉහළට

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. මීට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබූ අතර ඊට වඩා වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව අවුරුදු …

Continue Reading

තායිලන්තය: විසි හය දෙනෙකු ඝාතනය කළ හමුදා භටයා මරා දැමේ

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි. සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින් ගිනි අවි සොරා ගැනීමට ප්‍රථම ජක්‍රපාන්ත් තොම්මා නමැති හමුදා භටයා ඔහුගේ අණදෙන නිලධාරියා මරා දමා තිබිණි. ඉන් නොනැවතුණු සැකකරු නකොන් රචසිමා හි වීදිවල සහ වෙළෙඳ සංකීර්ණයක සිටි පුද්ගලයන්ට වෙඩි තැබීය. …

Continue Reading