එජාපෙ සන්ධානයේ නම හා සලකුණ හෙට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප‍්‍රකාශ කළේය. විපක්ෂනායක කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව …

Continue Reading

මම වසර 05 ම ඇන්දේ හිටපු කථානායක ඇඳපු පරණ කබායයි – කරු

දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ (08 දින සහ 09 දින) මහා නාහිමිවරුන් බැහැදකිමින් සිය චරිතාපදාන කෘතිය පිළිගන්වමිනි. කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ …

Continue Reading

මෛත‍්‍රීපාල සිරිසේන පූජිත්ට හා පොලිසියට කළ අවමානයට ‘වාඩුව’ ගැනීමේ සූදානමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ’කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසයි. ධර්මපාල මහතා වැඩි දුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා …

Continue Reading

පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ – ඇමැති ප‍්‍රසන්න අවධාරණය කරයි

දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව ”අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ.  …

Continue Reading

කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික සැලැස්මට WHO ඩොලර් මිලියන 675ක් ඉල්ලයි

නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත. ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා;  ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් …

Continue Reading

නව කොරෝනා වෛරස් රෝගය චීනය තුළ තවදුරටත් ඉහළට – WHO

කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ.  පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් …

Continue Reading

‘අපිට හොරු කිව්වට’ සැබෑ හොරු ටික හිටියේ මහබැංකුවේ – රවී

අමාත්‍යවරයෙක් වශයෙන් පසුගිය වසර 05 ඇතුලත කිසිම වාහනයක් ආනයනය කර නැහැ. ‘මේවනවිට වෝහාරික වාර්ථාවෙන් සියල්ල පැහැදිලි වෙලා තිබෙනවා. එදා අපි දෙතුන්දෙනෙකුට හොරු කියලා ඇගිල්ල දික්කලාට, සැබෑ හොරුටික සිටියේ මහබැංකුවේ. මම හිතන්නේ මේ වෝහාරික වාර්ථාව මේ ආකරයේන පැහැදිළිව ඉදිරිපත් කිරීම, දෙවියෝ දුන්න අවස්ථාවක් ‘ රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඊයේ පෙරවරුවේ ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් …

Continue Reading

පොදු සමා දින 4ට 4299ක් යළි හමුදාවට භාර වුණා – ආරක්ෂක අමාත්‍යාංශය

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වීම සදහා හෝ නැවත හමුදා සේවය සදහා එක්වීමට අවස්ථාව ලබා දෙමින් 72 වැනි නිදහස් දිනයට සමගාමීව පසුගිය 05 වැනිදා සිට ප‍්‍රකාශයට පත් කළ පොදු සමා කාලය තුළ (08 වැනිදා දක්වා) නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයින් 4289ක් නැවත භාර වීමට කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය …

Continue Reading

සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 04කට යන්න කැබිනට් අනුමැතිය

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04 සමග සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික …

Continue Reading