කුමන ලකුණින් පැමිණියත් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා – මනුෂ නානායක්කාර

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අවසන් වෙලා, රාජපක්ෂවරු ගෙදර …

Continue Reading

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක්

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට යයි. දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ සදහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පණත සංශෝධනය කිරීමට …

Continue Reading

අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සදහායි. මේ යටතේ අපනයන ක්ෂේත්‍ර‍යන්ට අදාල ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා පෙරවරු 8.30 සිට …

Continue Reading

ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’: නව සන්ධානයේ නායක මහින්ද – ලකුණ ‘පොහොට්ටුව’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම ‌සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු සඳහන් කළේ නව සන්ධානයේ / පක්ෂයේ ලකුණ ලෙස ‘පොහොට්ටුවම’ යොදා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වූ බවයි. ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග …

Continue Reading

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න – ජනපති

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම  විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද  කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෝටර් රථ …

Continue Reading

පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්

මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට  අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික  අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වු අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ අතර මේ අනුව මිට අදාළ …

Continue Reading

MCC අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය  (MCC හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි …

Continue Reading

රු. බිලියන 367 ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සදහා ඉදිරිපත් කරනු ඇත.අදාළ විවාදය පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ. මෙයට අමතරව ජාතිය ගොඩනැගීමේ …

Continue Reading

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර

දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය තීරණය කොට ඇත. ඒ අනුව මෙම රෝහල තව නොබෝ දිනකින් සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ ඇඹිලිපිටිය රෝහලේ …

Continue Reading

SriLankan ගුවන් සමාගමට ඩොලර් මිලියන 50ක ණය ආධාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ. ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය …

Continue Reading