උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට …

Continue Reading

චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර් ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු …

Continue Reading

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ? : ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, “නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන …

Continue Reading

රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට වැටෙනවා’ – හර්ෂ ද සිල්වා

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. අප සමග අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම අපනයනකරුවන්ට යම් වාසියක් වුවත් ආනයන වියදම් ඉහළ යාම නිසා පාරිභෝගිකයින්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ආයෝජකයින්ටත් අහිතකර …

Continue Reading

කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  සලකා බැලේ. අනිද්දා(24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ  (RAMIS) වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ.  මාර්තු මස 10 වැනි දින …

Continue Reading

ILO C 190 සම්මුතියට ‘අමාත්‍ය මණ්ඩල අනුමැතිය’

ILO හෙවත් ලෝක කම්කරු සංවිධානය විසින් 2019 දි අනුමත කරන ලද C 190 සහ  තවත් සම්මුති දෙකක් ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝක කම්කරු සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වන ශ්‍රී ලංකාව,කම්කරු ජනතාවගේ සුබසිද්ධියට හා අභිවෘද්ධියට හේතුවන මෙම සම්මුති මෙරට නීති බවට පත්කිරීමට  අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බව …

Continue Reading

දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් අරඹමින් AgroBizz-Smart වේදිකාව අරඹයි

දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඒ අතර පාරිභෝගිකයින් ද තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතන විට ව්‍යාපාරිකයින් ද තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු දේ ගැන හිතනවා. මේ සියල්ල ධනාත්මක, නැතිනම් සතුටු විය හැකි නව ප‍්‍රවණතා. ආහාර සුරක්ෂිතභාවය කියන්නේ රටක අභිමානයට වගේම නිරෝගී පැවැත්මටත් ආර්ථික …

Continue Reading

World Happiness Report 2021: ලෝකයේ අසතුටින් සිටින රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

World Happiness Report 2021 හෙවත් 2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත් වූ අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ ෆින්ලන්තයත් අවසන් ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම World Happiness Report එළිදක්වනු ලබන අතර ඒ සදහා ලොවපුර සියලුම මහද්වීපවලට පිහිටි රටවල් 149ක් යොදා ගන්නවා. …

Continue Reading

ලංකාවේ මුල්ම රක්ෂිතය රැක ගන්න ‘දේවානි ජයතිලක’ යළි සටන් බිමට

මේක 1885 මැයි 22 ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ පළමු රක්ෂිතය. මේක කැළණි ගගේ අවසාන ජල පෝෂක ප්‍ර දේශය. මීතිරිගල ඔයේ ජල පෝෂක ප්‍රදේශය. මීතිරිගල ඔය කියන්නේ අතිශය සංවේදී ප්‍රදේශයක්. පිරිසිදුම ජලය තියෙන ප්‍රදේශයක්. ගම්පහ තියෙන එකම ස්වාභාවික කැළේ. රක්ෂිතයක නීතියක් තියෙනවා අනවසර පදිංචියක් තියෙනවානම් ඉවත කරන්න ඕන. හැමෝම මේකට කියන්නේ සේද ගොවිපළ කියලා. ඒක වැරදියි. සේද ගොවිපළ …

Continue Reading

දේශගුණ විපර්යාස සහ ආහාර අතර අන්තර් සම්බන්ධය ගැන හෙළිවෙයි

ලෝක ජනගහනය ඉහළ යත්ම දේශගුණ විපර්යාස වෙත ආහාරවල බලපෑම ඉහළ යමින් පවතී. සම්පත් සිඳී යාමේ පුරුදු සහ පරිසරයට හානිකර මස් සඳහා අපගේ වැඩිවන ඉල්ලුම නිසා අපි අනුභව කරන දේ කිසි විටෙකත් පෘථිවියේ සෞඛ්‍යයට වඩා වැදගත් නොවේ.  ක්ෂේත්‍රයේ සිට පිඟාන දක්වා ආහාර ලබා ගැනීම සඳහා ගත යුතු සියලු පියවර ඔබ සැලකිල්ලට ගත් විට, ආහාර නිෂ්පාදනය දැනට දේශගුණික විපර්යාස ඇති කරන විමෝචනයන්ගෙන් හතරෙන් එකකට වඩා දායක වේ. කෘෂිකර්මාන්තය …

Continue Reading