යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක් අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව අනිවාර්ය බව ද ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ …
Continue Reading
හොඳම ක්‍රීඩකයා නැතිව බංග්ලාදේශය හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට් තරග අංශය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට මුණ ගැසී තිබෙන අතර, ශ්‍රී ලංකාව ජය පැරදුමෙන් තොර තරගාවලි අවසානයකින්ද බංග්ලාදේශ පිල 0-2 ක තරගාවලි පරාජයකින් පසුව හෙට දිනයේදී මුණ ගැසෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම …
Continue Reading
ගණිකාව දෙස විවෘත මනසින් බලමුද ?
-
Editor
-
April 19, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
The Encyeliopdie of Britance නම් ග‍්‍රන්ථයෙහි විල්සම් බෙන්ටම් විසින් අර්ථ දක්වා ඇත්තේ ගණිකාව යනු මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද‍්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හදුනන හෝ නොහදුනන පුද්ගලයෙකු සමග භාවාත්මක හැගීමකින් තොරව ලිංගික චර්යාවේ යෙදෙන්නියක වශයෙනි. නමුත් අපාරධ විද්‍යාවෙහි සදහන් වන්නේ ගණිකාව යනු තවදුරටත් ගණිකාවක් නොවන බවයි. ඒ අනුව ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ලිංගික සාදාචාරධර්ම නොතිබුණු මුල්කාලින …
Continue Reading
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට
ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිණි. විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන …
Continue Reading
හෙට සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ. ලබන අප්‍රේල් 22 සහ 23 යන දිනවලදී, 2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ …
Continue Reading
Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රු. මිලියන 673ක් පිල්ලි ඇරලා
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට …
Continue Reading
පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ …
Continue Reading
රටට නීති ගේනකොට ඒවා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් විය යුතුයි – අක්මීමණ දයාරතන හිමි
ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වා දුන්නෙත් ජනමතයට පිටුපා බලහත්කාරයෙන් බවත් වත්මන් රජය කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ 69 ලක්ෂයේ ජනවරමට පිටුපා බලහත්කාරයෙන් බව සිංහල රාවය පක්ෂයේ නායකල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (19) දෙහිවල එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී දයාරතන හිමියෝ මෙසේද පැවසූහ. ‘‘වරාය නගරය නිසා රටට සිදුවන …
Continue Reading
චීනය ගැන ලංකාවේ නාගරික මැද පංතිය නොදකින ‘තිත්ත ඇත්ත’
දැන් බරපතලම ප්‍රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය. පොතක් ලිවිය යුත්තක් පිටුවකට දෙකකට කෙටි කරන විට එය ලිවිය හැක්කේ මෙලෙසිනි. චීනය ගැන අපේ සමාජයේ ඇත්තේ එය ඉතා දියුණු, සශ්‍රීක …
Continue Reading
කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 19 සලකා බැලීම හෙට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිත අතර මෙම පෙත්සම් සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරුවරයා සමග බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ඇතුළත්ව සිටිනවා. මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් ගොනු කළ පාර්ශ්වයන් …
Continue Reading