කුසල්ගෙන් නායකත්වයේ ඉනිමක් සහ දුෂ්මන්තගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්
කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය යටතේ තරග 6 කට ක්‍රීඩා …
Continue Reading
Parliament Hot Talk: ‘පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ උණුසුම් හා රසබර කතා’
ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්වීමත්, ඒඅනුව ඊට අදාළ විවාදය පැවැත්වීමත් නිසා බොහෝ දෙනාගේ අවධානය පාර්ලිමේන්තුව කෙරෙහි යොමුව තිබිණි. මෙම විවාදය නිසාම පාර්ලිමේන්තුව බොහෝ උද්යෝගීමත් සහ උණුසුම් විය. පසුගිය …
Continue Reading
කෘෂි නිෂ්පාදන වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ‘ශ්‍රී ලංකා කාබනික ප්‍රමිති සහතිකය’ ලබාගැනිමට EDB මගින් ආධාර වැඩසටහනක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශිය කෘෂි නිෂ්පාදන වගාකරුවන් සහ සැකසුම් කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය (SLS 1324:2018) අනුව කාබනික සහතික ලබාගැනිමට ආධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. SLS 1324:2018 කාබනික සහතිකකරණය සඳහා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනෙහි මූලික අරමුණු වන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය (SLS 1324:2018) …
Continue Reading
මහින්ද රාජපක්ෂට ‘වළ කපපු දේශාපලනඥයෝ’ ආයෙත් වැඩ පටන් අරන් – පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
කොවිඩ්-19 වසංගතය සමස්ත රටම ආක්‍රමණය කර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්කර ජනතාව අතිෂය පීඩාවටත් අනාරක්ෂිතභාවයටත් පත්ව සිටින අවස්ථාවක එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීම සහ ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කණස්සල්ලටත් අපේක්ෂාභංගත්වයටත් පත්ව සිටින බව, සිංහල රාවය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව පවසා සිටියේ අද (28) …
Continue Reading
සංචරණ සීමා අඛණ්ඩව
මේ වන විට රටපුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා අඛණ්ඩව 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මැයි 31 සහ ජූනි 04 වැනිදා එහි ලිහිල් කිරීමක් සිදු නොවන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින ප.ව 13.00ට නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම නිල නිවේදනය පහත දැක්ව්.
Continue Reading
එන්නත් වැඩසටහනට ‘දේශපාලන ගොන්පාට් දැමූ’ මොරටුව නගරාධිපති රිමාන්ඩ් (වීඩියෝ)
ඊයේ (27) මොරටුවේ පැවැති Covid-19 එන්නත්කරණ කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී පොලිසියට භාර වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේදී (28) අත්අඩංගුවට …
Continue Reading
වසර හයක් පුරා කිලෝමීටර් 20,000ක් ලොව වටා පා ගමනින් ගිය කාන්තාව
-
Editor
-
May 28, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
ලෝකය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් සොයමින් ඇන්ජෙලා මැක්ස්වෙල් Angela Maxwell ලෝකය පුරා තනිවම ගමන් කිරීමට පිටත් වූවාය. අවුරුදු හයක් හා සැතපුම් 20,000ක් ගෙවා දැමීමෙන් පසුව ඇය එම සම්බන්ධතාවය ගෙදර ගෙන ආවාය. “ඇයි – Why?” එය සරල ප්‍රශ්නයක් වන අතර මිනිසුන් නිතරම ඇන්ජෙලා මැක්ස්වෙල්ගෙන් එය ඇසුවේය. එහෙත් මෑතක් වන තුරුම ඇය විශාල සිහිනයක් පසුපස හඹා යමින් පරිපූර්ණ ජීවිතයක් ගත කළේ මන්දැයි පිළිතුරු දීමට මහත් පරිශ්‍රමයක් …
Continue Reading
පීඩාවට පත් වූවන්ගේ ණය සහන කාලය දීර්ඝ කරයි
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා දී ඇති ණය සහන කාල සීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. ඊට අදාළ නියමයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභි සහ විශේෂිත බැංකු වෙත යොමු කර තිබේ. පසුගිය 15දා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අගෝස්තු 31 වැනිදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව …
Continue Reading
කයිවාරු නවතා පරිභෝගික අයිතීන් ආරක්ෂා කරන්න – පරිභෝගික අධිකාරියට ප්‍රබල ඉල්ලීමක්
මාධ්‍යට කයිවාරු ගැසීම නවතා පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ඉල්මින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් අද (27) පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීයේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පළ වෙනවා. 2021-05-27 මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා, සභාපති, පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය, පාරිභෝගික කටයුතු අධිකාරිය, …
Continue Reading
දේශපාලනීකරණය කරන ලද එන්නත්කරන ක‍්‍රියාවලිය වසංගතය පාලනයට බරපතල බාධාවක් – ACMOA
අද (27) දින මොරටුව ප්‍රදේශයේ පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනකට මොරටුව නගරාධිපතිවරයා සිදුකළ අනිසි සහ අනීතිය මැදිහත් වීම රූපවාහිනි නාළිකා කිහිපයක සහ සමාජමාධ්‍යවල පැහැදිලිව දැකගත හැකි වුණා. පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බලා සිටියදීම සිදු වූ මේ බලහත්කාරය ගැන පොදුවේ සමාජය තුළ බලවත් විරෝධයක් තිබෙනවා. මේ අතර එන්නත්කරණ ක්‍රියාවලිය තුළ සිදුවන සමස්ත දේශපාලන බලපෑම් සහ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන සමස්ත ලංකා …
Continue Reading