Full story: මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයත් රාජ්‍ය ආයතන ගැසට් කරයි

මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය ආයතන ගැසට් කිරීමට ජනපතිවරයා (07 දා) පියවර ගෙන තිබෙනවා. ඊයේ (07) නිකුත් කළ අංක 2235/45 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ මුදල් අමාත්‍යාංශයට අයත්වන විෂයපථය සහ රාජ්‍ය ආයතන ගැසට් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට අයත් මුදල් අමාත්‍යාංශයේ නව විෂයපථය වන්නේ, ‘සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, …

Continue Reading

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා …

Continue Reading

මර්දනයෙන් ප්‍රශ්න යට කරන්නවත් බය වද්දන්න බැහැ – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා …

Continue Reading

‘දිලිප් කුමාර්ගේ’ සුපිරි චිත්‍රපට ගැන ඔබ දැනගත යුතුම කතාව

දිලිප් කුමාර් ‘ යනු බොලිඩුව් සිනමාවේ පුරාවෘත්තයක් වන අතර ඔහුට ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර ද ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. 1944 දී තිරගත වූ Jwar Bhata සිට Saudagar (1991) දක්වා පුරා අඩසියවසකට ආසන්න කාලයක් බොලිවුඩයේ සුපිරිම තරුවක් වූ දිලිප් කුමාර් සිය සුපිරි රංගනයෙන් දායක වූ සුපිරි චිත්‍රපට සියල්ල ගැන ඔබ නොදන්නා බව නම් අපට සහතිකය. ඉතිං… මේ සුපිරි නළුවා ගැන සියල්ල දැන ගැනීමට ඔබ සූදානම් …

Continue Reading

සුපිරි බොලිවුඩ් තාරකාව ‘දිලිප් කුමාර්‘ සමුගනී

සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර් අද (07) උදෑසන මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා. ඉන්දියාවේ වඩාත්ම ජනාදරයට පත් ‘පරාජිත පෙම්වතා‘ වශයෙන් සැලකෙන දිලිප් මොහොමඩ් යූසුෆ් ඛාන් නමින් 1922 දී උපත ලැබුවා. ඒ වර්තමාන පාකිස්තානයේ පෙෂාවර් හිදීයි. දිලිප් 1940 ගණන්වලදී බොලිවුඩයට සම්බන්ධ වූ අතර එහි දී ඔහුගේ නම දිලිප් කුමාර් …

Continue Reading

බැසිල්ගේ දිවුරුම්දීමට සියල්ල සූදානම් – අසුනත් වෙන් කරලා

හෙට (08) මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ඊට පෙර අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු …

Continue Reading

Sri Lankan Air line පාඩුව රු. කෝටි 37,000ක් !

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව ,සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට …

Continue Reading

නීතිය අනුව ‘බැසිල්ට‘ පාර්ලිමේන්තු යන්න බෑ ලු !

ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.   තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය.  විහිළුව සරත් ෆොන්සේකා ය. …

Continue Reading

AL අසමතුන්ට ‘වෛද්‍ය පත්වීම් දෙනවා නම්‘ AL සමත් ‘රෝහල් කම්කරුවන්ට ද‘ වෛද්‍ය පත්වීම් ඕනෑ

උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්ව්ම් ලබාදිය හැකිනම් උසස් පෙළ සමත් රෝහල් උපස්ථායක වරුන් කම්කරු මහතුන් වෛද්‍යවරුන් ලෙස බඳවා ගත යුතු බව‘ මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර යේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කියන්නේ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යන දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව ජනතාව පියවර ගත යුතු බවයි. එම …

Continue Reading

බිහිසුණුම කොරෝනා වෛරසය වන ‘ලැම්බඩා ප්‍රභේදයේ‘ අවධානම ලංකාවටත් !

වර්තමානයේ භාවිතා කරන කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන කොරෝනා වයිරසයේ ලැම්බඩා ප්‍රභේදය (Lambda variant) රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති බැවින් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය. ලැම්බඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම …

Continue Reading