බැසිල්ගේ දිවුරුම්දීමට සියල්ල සූදානම් – අසුනත් වෙන් කරලා

Spread the love

හෙට (08) මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ඊට පෙර අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් දිවුරුම් දෙන හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවන බවද ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනය බවත් ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් කර ඇති ආසනය බවත් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Related Posts