රජයට බලකිරීමෙන් පළක් නෑ – ‘දැන් සම්පූර්ණ වගකීම ජනතාව අතේ‘: PHI සංගමය

‘ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි‘‘ මේ කාරුණික ආයාචනය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතායි. වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය මනාව දන්නා එම සංගමය අද …

Continue Reading

හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි

ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද ආකාරයට කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බවත් සිදුකරනු ලද්දේ 2020 සැප්තැම්බර් මස 30 වැනි දින පනවන ලද බදුවල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියළුම භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක …

Continue Reading

කොවිඩ් සහ ඔක්සිජන්: හුස්ම ගැනීමේ අපහසුතා ගැන ඔබේ ගැටලුවලට පිළිතුරු

කොවිඩ් වසංගතය හමුවේ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන්නේ නම් රෝහල් ප්‍රතිකාර ලබා ගත යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. එබැවින් රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර කල් තියා හඳුනා ගැනීම අතිශය වැදගත් බව රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පෙන්වා දෙයි. හුස්ම ගැනීමේ අපහසුව කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණයක් ද? එකවරම හුස්ම ගැනීමට බැරි වේද? …

Continue Reading

හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්

හල්මැස්සන් කිලෝවක් සදහා රුපියල් 100ක බද්දක් සහ කරවල කිලෝවක් සදහා රුපියල් 100ක් සහ කුරක්කන් පිටි කිලෝවක් සදහා රුපියල් 150ක් වශයෙන් වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, අබ ඇට, මේස ලුණු ආදිය සදහා විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. විශේෂ වෙළෙඳ …

Continue Reading

වහාම දැඩි සංචාරණ සීමා නොපණවන්නේ නම් ‘ජනවාරි වන විට මරණ 30,000’ – ලෝක සෞඛ්‍ය සංවිධානය

මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි. ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, “ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ …

Continue Reading

පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රි යේ සිට සපුරා තහනම්

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණ සීමා අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

කොව්ඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ ආසාදිතයෙක් ඇසුරු කළානම් ලේදෙන්න එන්න එපා

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය …

Continue Reading

කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි. ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන …

Continue Reading

‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘ – වෛද්‍ය චන්දිම ජීවන්දර

මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පුද්ගලයින්ට ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂාව ලබා දී ඇති අතර අතිරේක කොවිඩ් -19 එන්නත මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ඊශ්‍රායලය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් මේ වන විටත් සක්‍රීය වැඩසටහන් ආරම්භ කර තිබේ. සිය ජනගහනයෙන් 57% ක් …

Continue Reading

‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ. රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත්  සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සංවිධාන …

Continue Reading